(ජේ.කේ.එල්. චාමින්ද)
දකුණු පළාතේ දෛනිකව ධාවනය වන ශ්‍රී ලංගම බස්රථ සංඛ්‍යාව 440 දක්වා වැඩිකර ඇති බැව් ශ්‍රී ලංකා ගමනාගමන ගමන මණ්ඩලයේ දකුණ ප්‍රාදේශිකයේ ප්‍රධාන කළමණාකරු ආර්.ඒ ප්‍රභාත් කුමාර මහතා පවසයි.
මේ වනවිට දුරගමන් සේවා බස් රථ ධාවනය ද ආරම්භ කර ඇති බවද ඒ මහතා පවසයි. මීට පෙර දිනපතා ධාවනය වුයේ බස්රථ 375ක් බව සදහන් කළ ප්‍රභාත් කුමාර මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාගේ උපදෙස් මත බස්රථ ධාවනය මෙම සතියේ සිට වැඩිකිරීමට පියවරගත් බවද පවසයි. දකුණු පළාතේ ලංගම ඩිපෝ 11ක් හරහා මෙම බස්රථ ධාවනය කිරීමට කටයුතු යොදාඇති බවද ඒ මහතා පවසයි.
බස්රථ ධාවනය වැඩිකිරීමත් සමග ශ්‍රී ලංගමයේ දෛනික ආදායමද රුපියල් ලක්ෂ 51 දක්වා වැඩිවී ඇති බවද හෙතෙම පවසයි. මීට පෙර රුපියල් ලක්ෂ 41ක දෛනික ආදායමක් ලැබු බවත් එම ආදායම මේ වනවිට ලක්ෂ 51 දක්වා වැඩි වී ඇති බවද ප්‍රභාත් කුමාර මහතා පවසයි. සියලුම සිසු සැරිය බස්රථද මේ වනවිට ධාවනයට එක්කොට ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
735
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
359
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දකුණට නව ලංගම බස් රථ 65ක් එක්කරයි