IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හෙරොයින් ළඟ තබාගත්තාට මරණ දඬුවම

(ඩී.ජී.සුගතපාල)
 
හෙරොයින් ග්‍රෑම් 382ක් සහ මිලිග්‍රෑම් 3ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධව අධි චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුවෙකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිස්සංක මහතා අද (12) මරණ දණ්ඩනය නියම කළේය.
 
මරණ දණ්ඩනය නියම වුයේ අක්මීමණ පොලිස් වසමේ කුරුඳුවත්ත ගොනාමුල්ල පදිංචි සුදත් නිශාන්ත කෝමංගොඩගේ නමැති 51 හැවිරිදි විත්තිකරුවෙකුටය.
 
වර්ෂ 2001  මැයි 15  වන දින හෙරොයින් ග්‍රෑම් 382 මිලි ග්‍රෑම්  3ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.
 
කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින්ට පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලැබුණු තොරතුරක් අනුව එදින අලුයම මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් විත්තිකරු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබිණි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ නඩු විභාගයේදි විත්තිකරු විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් තමාට බොරු නඩුවක් දමා ඇති බව ප්‍රකාශ කළත් පොලිස් නිලධාරින් විත්තිකරු සමග අමනාපයක් හෝ මෙයට පෙර හැඳිනීමක් හෝ වෙනත් ගැටලුවක් තිබු බවට අනාවරණය වී නොමැති බවය.
 
ඒ අනුව පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවද මහාධිකරණ විනිසුරුවරයා  කියා සිටියේය. මරණ දණ්ඩනය නියම කිරීමට පෙර යමක් කීමට තිබේදැයි මහාධිකරණ විනිසුරුවරයා විමසා සිටි අවස්ථාවේ විත්තිකරු කියා සිටියේ තමා නිර්දෝෂී බවය.
 
විත්තිකරුගේ නීතිඥවරයා කරුණු දක්වමින් විත්තිකරු ඇප කොන්දේසි කඩ නොකර වසර 15ක කාලයක් අධිකරණයේ පෙනි සිටි බවත් දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවත් එනිසා ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් ඉල්ලා සිටියේය. රජයේ අධි නිතිඥ රන්දිමා ප්‍රනාන්දු මහත්මිය පැමිණිල්ල මෙහෙය වුවාය.



අදහස් (0)

හෙරොයින් ළඟ තබාගත්තාට මරණ දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site