
(රේඛා තරංගනී ෆොන්සේකා)
වසර 30ක් ඉපැරණි යකඩ මැදිරි හතරක් ලී මැදිරි ලෙස ප්‍රති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් මේ දිනවල රත්මලාන දුම්රිය අංගන වැඩවීමේ සිදුකෙරෙන බව අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරි (යාන්ත්‍රික) කීර්ති හේවාවිතාරණ මහතා අද(14) පැවසීය.
එක් මැදිරියක් රුපියල් ලක්ෂ 80ක පමණ වියදමින් ඉදිකෙරේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාගේ අදහසකට අනුව නිමවෙන මෙම ලී මැදිරියේ විදේශීය සංචාරකයින්ගේ කන්ද උඩරට දුම්රිය ගමන් පහසුව සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.
ඉන්දියාවෙන් වසර 30ට පමන පෙර ආනයනය කරන ලද මෙම යකඩ මැදිරි මීට පෙර රාත්‍රී තැපැල් දුම්රියන් සඳහා භාවිතා කර ඇති අතර මේ වන විට ලී මැදිරි ලෙස නිර්මාණය කිරීම දුම්රිය වඩු කාර්මිකයන්ගේ දායකත්වයෙන් සිදු වන බව ඒ මහතා පැවසීය.මේ සඳහා තේක්ක සහ මහෝගනී ලී විශේෂ භාවිතා කර ඇති අතර විශේෂිත වූ කැටයම් ක්‍රම ද නිර්මාණය කොට තිබීම විශේෂත්වයකි.
එක් මැදිරියක් දිග අඩි 45 ක් සහ පළල අඩි 9ක් වන ලෙස නිර්මාණය කර ඇති අතර මගීන් 24 දෙනෙකුට සුඛෝපභෝගී ලෙස ඉතා පහසුවෙන් මෙම මැදිරි තුළ ගමන් කිරීමට හැකියාව පවතින බව ඒ මහතා පැවසීය.
මැදිරි නිමවීම ව්‍යාපෘතිය අධිකාරි ඉංජිනේරු (ව්‍යාපෘති) සංවර්ධන යේ ජී.ඒ ක්‍රිශන්ත මහතාගේ මෙහෙයවීමෙන් රත්මලාන වැඩ බිමේ සේවක මහත්වරුන්ගේ දායකත්වයෙන් සිදු කෙරේ.




2025 නොවැම්බර් මස 04
659
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2330
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම්රිය මැදිරි 4ක් ලීයෙන් ප්‍රතිනිර්මාණය කරයි
thissa Sunday, 14 February 2021 07:40 AM
හොද වැඩක් ඉදිරියටම යමු ජයවේවා
upali Sunday, 14 February 2021 06:17 PM
නියම වැඩක්
Chula Ekanayake Monday, 15 February 2021 12:54 AM
ඉතා වටිනා අගය කළ යුතු වැඩක්