හම්බන්තොට මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය විරෝධයක
නිලඇඳුම් දීමනාව රුපියල් 15,000ක් දක්වා වැඩි කරන ලෙසත්, දින 180 සම්පූර්ණ සියලු ආදේශක සේවකයන් ස්ථිර කරන ලෙසත්, රෝහල් කාර්ය මණ්ඩල සදහා අවදානම් දීමනාවක් ගෙවන ලෙසත් ඇතුළුව ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් හම්බන්තොට මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (23) කෑම පැය තුළදි රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.