(පාලිත ආරියවංශ)
තම ගම්මානයේ එකම බස් රථය මාසයක පමණ කාලයක සිටි නතර කර දමා ඇතැයි පවසමින් ඊට විරෝධය පෑම සඳහා සොරණාතොට මීගහවෙල ගම්මාන ජනතාව අද (23) බදුල්ල හිඳගොඩ පිහිටි බදුල්ල ලංගම ඩිපෝ පරිශ්‍රයට කඩා වැදීමත් සමග උණුසුම් තත්වයක් ඇතිවිය.
මීගහවෙල විහාරස්ථානයේ විහාරාධිපති පී.සේනානන්ද හිමිවරු, සාමනේර හිමිවරු හා ගම්වැසියන් සිය දෙනෙක් පමණ මෙම විරෝධතාවයට එක්ව සිටියහ. ලංගම බදුල්ල ප්‍රාදේශීය ධාවන කළමණාකරු සහ බදුල්ල ඩිපෝ කළමණාකරු ඔවුන් හා සාකච්ඡා කිරීමට ගම්වැසියන්ට අවස්ථාව ලබාදුන්නේය.
මීගහවෙල ගම්මානයේ පවුල් 370 ක පමණ සිටින බවත්, ඔවුන් ගමන් බිමන් ගියේද පාසැල් සිසුන් 80 දෙනෙකු බදුල්ලේ පාසැල් සඳහා ගියේද මෙම එකම බස්රථයෙන් බවත් ගම්වැසියෝ පෙන්වාදුන්හ. මීට අමතර කුඩා සාමනේර භික්ෂූන් වහන්සේ පිරිවෙන් ගියේද මෙම බස්රථයෙන් බව ඔවුහු පැහැදිළි කළහ.
මේ සඳහා විසඳුමක් ලබාදීමට නොහැකිව ඇත්තේ පවතින සේවක සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා බව ලංගම නිලධාරිහු කියා සිටියහ.
කෙසේ නමුත් මාර්තු 2 වනදා වන විට විසඳුමක් ලබාදෙන බවට ප්‍රාදේශීය ධාවන කළමණාකාර එල්.එස්. ලියනගේ මහතා පොරොන්දු වීමෙන් පසු විරෝධතාවය අවසන් කර ගම්වැසියෝ ඩිපෝ පරිශ්‍රයෙන් ඉවත්ව ගියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගමේ බස්රථය ඉල්ලා මීගහවෙලවැසියෝ බදුලු ඩිපෝවට කඩාපනිති