IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගුරු - විදුහල්පතිවරු අ’පුර වටරවුමේ උද්ඝෝෂණයක්

 

(දයාරත්න ඇඹෝගම)

ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන තෙක් ජනවාරියේ සිට දීමට පොරොන්දු වූ අතුරු දීමනාව ගෙවීම රජය පැහැර හැරීමට එරෙහිව අද  (24) දින පස්වරුවේ දී අනුරාධපුර ඩී.එස්. සේනානායක වටරවුමේ දී උද්ඝෝෂණයක නිරත වුහ.

අනුරාධපුර නගරයේ ඩී.එස්.වටරවුම අසලට එක්වූ අති විශාල ගුරු හා විදුහල්පතිවරඅ  පිරිසක් විවිධ  සටන් පාඨ ලියුපොස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් පැයකයට අධික කාලයක් උද්ඝෝෂණයේ නිරතවිය.
 
පසුව පා ගමනින්  බැංකු පෙදෙස දක්වා ගමන් කර ඔරලෝසු කණුව ඉදිරිපිට රැස්වීමක් ද පැවැත්වීමට කටයුතු කළහ.
 
මෙහිදි අදහස් දැක්වු ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසිය.
 
1997 සිට ඇතිකරන ලද මෙම අසාධාරණය ගැන විවිධ අවස්ථාවල රජය බොරු පොරොන්දු  දුන්නා. වත්මන් රජය බලයට පැමිණි පසු ඉදිරිපත් කරන පළමු අයවැය මගින් මේ සදහා  විසදුම් දෙන බවට පොරොන්දු වෙලා ජන්දය ලබා ගත්තා. අවස්ථා කිපයක දි මේ රජයේ ඇමතිවරු වන  ඩලස් අලහපෙරුම ,මහචාර්ය ජී.ඇල්.පීරිස්  යන අය  පාර්ලිමේන්තුවේ දී පොරොන්දු වුණා. වැටුප් විෂමතා ඉවත් කරන තෙක් ජනවාරි මාසයේ සිට අතුරු දීමනාවක් ලබා දෙන බව. එය රැවටීමක්.
 
උද්ඝෝෂණය සඳහා ලංකා ගුරු සංගමය , ලංකා සේවා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය ශ්‍රී ලංකා විදුහල්පති සංගමය, සමස්ථ අධ්‍යාපන, සේවක සංගමය ඇතළු  සංගම්  රැසක සාමාජිකයන් එක්ව සිටියහ. 

 



අදහස් (1)

ගුරු - විදුහල්පතිවරු අ’පුර වටරවුමේ උද්ඝෝෂණයක්

Nimal Wednesday, 24 February 2021 12:30 PM

උද්ඝෝෂණයක් කොතැනද එතන හාමුදුරුවෝ...!!! 

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site