IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කහටගස්දිගිලියේ වන ව්‍යාප්ති නිලධාරියෙක් අල්ලස් දැලේ

(කුෂාන් ජයවර්ධන)

                                                                     
දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම සදහා පුද්ගලයෙකුගෙන් රුපියල් 50,000ක අල්ලසක් ලබා ගත් බව කියන වන ව්‍යාප්ති නිලධාරියකු අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
ගලෙන්බිදුණුවැව ප්‍රද්ශයේ පදිංචි පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලක් අනුව එම නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබිණ. අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය අඩවි වන නිලධාරී කාර්යාලයට අනියුත්තව සේවය කළ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පදිංචි වන ව්‍යාප්ති නිලධාරියෙකි.
 
කැකිරාව පාර ගලෙන්බිදුණුවැව ලිපිනයේ පදිංචි පුද්ගලයකුගේ ඉරණ ලද දැව තොගයක් ප්‍රවාහනය සදහා අදාළ නිලධාරියා අල්ලස් මුදලක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් 30,000ක් කලින් ලබා ගෙන ඉතිරි මුදල ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පිහිටි අදාළ නිලධාරියාගේ නිවසේදී ලබා ගන්නා අවස්ථාවේ දී එම වන ව්‍යාප්ති නිලධාරීවරයා අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   
 
අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්  එම නිලධාරියා ඊයේ රාත්‍රියේම ඉදිරි නීතිමය කටයුතු සදහා කහටගස්දිගිලිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමට අල්ලස් හා දූෂණ විමර්ශණ නිලධාරීන් පියවර ගෙන තිබේ.



අදහස් (0)

කහටගස්දිගිලියේ වන ව්‍යාප්ති නිලධාරියෙක් අල්ලස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site