(බී.ජානක)
කොම්පඤ්ඤවීදිය නගරයේ පිහිටි ගොඩනැගිල්ලක හතරවන මහලෙන් බිමට ඇද වැටීමෙන් සිවිල් ආරක්ෂක බළකා භටයකු එම ස්ථානයේදීම මියගොස් සිටියදී සොයා ගත් බව කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි.
රාජකාරි සඳහා කොළඹට පැමිණ සිටි මෙම භටයා නවාතැන් ගත් ගොඩනැගිල්ලේ ඉදිරිපසින් ඇති කිවි පාරට ඇද වැටී තිබේ.
අනතුර සිදුවීමෙන් සිවිල් ආරක්ෂක භටයා එම ස්ථානයේ දීම මියගොස් සිටියදී සොයා ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සුදත් ලංකාතිලක නම් 47 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු පරණ හල්මිල්ල වැව , වීර ගොල්ලෑව ,රඹෑව, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd