IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


තඹුත්තේගම විදුහලක් ඉදිරිපිට විරෝධතාවයක්

(කුෂාන් ජයවර්ධන) 
 
තඹුත්තේගම අධ්‍යාපන කලාපයට අයත් පහළ තලාව විද්‍යාලය ඉදිරිපිටදී මව්පියෝ පිරිසක් අද(25) විරෝධතාවයක නිරත වෙති.
 
පහළතලාව විද්‍යාලයේ සේවයට පැමිණෙන ගුරුවරු කෙටිකලකින් ස්ථාන මාරු ලබා දී පිටත් කර යැවීම සම්බන්ධයෙන් මෙන්ම එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාටත් තවත් ගුරුවරයකුටත් විරෝධය දැක්වීම යනාදී කාරනා තුනක් මුල්කරගනිමින් මව්පියෝ විරෝධතාවයේ නිරත වෙති.
 
විරෝධතාකරුවෝ පවසාසිටියේ එම විද්‍යාලයේ රාජකාරි සඳහා පැමිණෙන ඇතැම් ගුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දී පිටත්කර හැරීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි. පාසැලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වසර 18ක් එම පාසැලේම සේවයේ නියුතු බවත් ඔහුගේ ක්‍රියාකලාපයන් අනුමත කළ නොහැකි බවත් එසේම ප්‍රාථමික අංශ ගුරුවරයකුගේ විනය සම්බන්ධයෙන් ද ගැටලු රැසක් පවතින බවත් විරෝධතාකරුවෝ පවසති.
 
පහළතලාව පාසැලේ පවතින මෙම ගැටලු සඳහා අධ්‍යාපන බලධාරීන් කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බවට ද  විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට කිසිදු වගකිව යුතු අධ්‍යාපන බලධාරීයෙක් දහවල්වන තෙක් එම ස්ථානයට නොපැමිණියේය.

 



අදහස් (0)

තඹුත්තේගම විදුහලක් ඉදිරිපිට විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 619 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 319 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site