(හේමලතා ඩී. හේවගේ)
පන්නල කුලියාපිටිය ප‍්‍රධාන මාර්ගයේ කංකානියමුල්ල රක්ෂිතය අසලදී ඊයේ රාත්‍රියේ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පන්නල පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බම්මන්න නාරංගොඩ ප‍්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි එම් ඒ මොහොමඞ් අන්ෂාන් සහ 17 හැවිරිදි මොහොමඞ් ෆස්ලි ෆාතිමා නූහා නැමති අයය. මියගොස් ඇති පුද්ගලයාගේ දියණියද බරපතල තුවාල ලබා කුලියාපිටි ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි.
කුලියාපිටියේ සිට පන්නල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථය ඊට ප‍්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ ඇති මෝටර් රථයේ මුහුණට මුහුණලා ගැටී ඇති බවට පොලීසිය සැක පළකරන අතර ත‍්‍රිරෝද රථයේ ගමන් කර ඇත්තේ පියා, දියණිය සහ ඔවුන්ගේ ඥාති දියණියකි.
අනතුරට සම්බන්ධ බවට සැකකෙරෙන මෝටර් රථයේ රියදුරු ද ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් කුලියාපිටි ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.
2025 දෙසැම්බර් මස 30
76
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
731
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිය අනතුරකින් දෙදෙනෙක් මරුට