IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මිනිබිරියගේ මංගල්‍යයට ආ ආච්චිට කොරෝනා - මනාල යුවල නිරෝධායනට

(ටෝනි කරුණානායක)

කොටදෙනියාව ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වී සිටි වියපත් කාන්තාවක හදිසියේ රෝගාතුර වී මියයාමෙන් අනතුරුව ඇය කොවිඩ්-19 ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු එම මනාල යුවළව නිරෝධායනයට යොමු කළ බව දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (26) පැවසීය.

මිය ගොස් ඇති කාන්තාව මාතර ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවක් බවත්, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි ඇයගේ බාල දියණියගේ දියණිය (මිනිපිරිය) ගේ විවාහ මංගල උත්සවයට සහභාගි වී සිටින අවස්ථාවේ දී හදිසියේ රෝගාතුර වී මෙසේ මිය ගොස් ඇති බව හෙතෙම පැවසීය.

මංගල උත්සවයේ පෝරුවේ චාරිත්‍ර සිදුකරමින් සිටින අවස්ථාවේ හදිසියේ රෝගාතුර වී මිය ගිය එම කාන්තාවට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව දඹදෙණිය රෝහලේ දී සිදු කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයේදි අනාවරණය වී ඇතැයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක එස්.ඒ.යූ.ටී.කුලතිලක මහතා අද කීය.

වියපත් කාන්තාව රෝගී වූ අවස්ථාවේ සිට රෝහල වෙත රැගෙන යන අවස්ථාව දක්වා ඊට සහාය වු හඳුනාගත් 8 දෙනෙකු සහ ඇය සමග මංගල උත්සවයට වාහනයෙන් පැමිණි අයවලුන්ට තම නිවෙස් තුලම නිරෝධායනයට යොමු වන ලෙස උපදෙස් ලබා දුන් බව පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක කුලතිලක මහතා පැවසීය. වියපත් කාන්තාව මාතර ප්‍රදේශයේ පදිංචි දියණියකගේ නිවසේ සිට මීට දින 4කට පෙර නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි මනාළියගේ නිවසට පැමිණි ඇති හෙයින් එම නිවසේ පදිංචිකරුවන්ට ද නිරෝධායනයට යොමු වෙන ලෙස උපදෙස් ලබා දුන් බව කීය.

නිරෝධායනයට යොමු කළ පිරිස සම්බන්ධයෙන් එම පළාත් බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර ඇත.



අදහස් (0)

මිනිබිරියගේ මංගල්‍යයට ආ ආච්චිට කොරෝනා - මනාල යුවල නිරෝධායනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 657 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site