IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රිය අනතුරකින් කළුබෝවිල රෝහලට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මත්තෙගොඩ නැගෙනහිර ප්‍රජා පොලිස් කමිටුවේ සභාපති, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිරිසේන අතුකෝරල මහතා මීට ස්වල්ප මොහොතකට පෙර මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව ඇති බව මත්තෙගොඩ පොලීසිය පවසයි.

මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ප්‍රධාන මාර්ගයේදී සිදු වූ මෙම අනතුරෙන් තුවාල ලැබූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා, ප්‍රතිකාර කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය කියයි.

මත්තෙගොඩ නිවාස සංකීර්ණ ප්‍රධාන මාර්ගයේ යතුරු පැදියක යමින් සිටියදී මත්තේගොඩ  සිට කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් පසුපසින් පැමිණ යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව තිබූ බව පොලීසිය කියයි.

අනතුරට පත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ තත්ත්වය සාමාන්‍ය බව රෝහල් ආරංචිමාර්ග කියයි.

අනතුර සිදුකළ මෝටර් රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මත්තේගොඩ  පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රිය අනතුරකින් කළුබෝවිල රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site