
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මත්තෙගොඩ නැගෙනහිර ප්‍රජා පොලිස් කමිටුවේ සභාපති, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිරිසේන අතුකෝරල මහතා මීට ස්වල්ප මොහොතකට පෙර මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව ඇති බව මත්තෙගොඩ පොලීසිය පවසයි.
මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ප්‍රධාන මාර්ගයේදී සිදු වූ මෙම අනතුරෙන් තුවාල ලැබූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා, ප්‍රතිකාර කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය කියයි.
මත්තෙගොඩ නිවාස සංකීර්ණ ප්‍රධාන මාර්ගයේ යතුරු පැදියක යමින් සිටියදී මත්තේගොඩ සිට කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් පසුපසින් පැමිණ යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව තිබූ බව පොලීසිය කියයි.
අනතුරට පත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ තත්ත්වය සාමාන්‍ය බව රෝහල් ආරංචිමාර්ග කියයි.
අනතුර සිදුකළ මෝටර් රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මත්තේගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd