
(කේෂර ගුණතිලක)
සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් මොනරාගල හුලංදාව මංසන්ධිය අසල පිහිටි සතොස ගබඩා සංකීර්ණය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අවුරුදු ගණනාවක් තිස්සේ වසාදමා ඇත.
මෙම ගබඩා සංකීර්ණය සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් වන අතර මීට වසර ගණනාවකට ඉහතදී මෙම ගබඩාවේ සතොස මඟින් විවිධ පාරිභෝගික භාණ්ඩ ගබඩා කර අම්පාර, බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල පිහිටි සතොස සිල්ලර ශාඛාවන්වලට බෙදාහරින ලදි.
මෙම විශාල ගබඩාවේ මෙට්‍රික් ටොන් දසදහසක් පමණ ගබඩා කළ හැකි වන අතර අංග සම්පූර්ණ කාර්යාල ගොඩනැඟිල්ලකින් සහ වැසිකිළි පද්ධතියකින් ද සමන්විත වේ.
මේවන විට ගබඩාව දොරගුළු දමා වසාදමා තිබෙන අතර ගබඩා පරිශ්‍රය කැළෑවට යටවී විනාශවෙමින් පවතී. කැළෑවට යටවී ඇති මෙම ගොඩනැඟිල්ල ඇතැම් පුද්ගලයින් විවිධ අපචාර ක්‍රියාවලට යොදාගන්නා බව අසල්වාසීහු පවසති. මෙම ගබඩා සංකීර්ණය කිසියම් හෝ ප්‍රයෝජනයකට ගන්නා ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
මේ පිළිබඳව මොනරාගල අතිරේක දිසාපති චන්දන ලොකුහේවගේ මහතාපැවසුවේ මෙම ගොඩනැඟිලි සංකීර්ණයෙන් ප්‍රයෝජනයක් ගන්නා ලෙස සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට දන්වා යැවීමට කටයුතු කරන බවය. ඒ අතර ඒ පිළිබඳව අවධානය යොමු නොකළහොත් රජයේ වෙනත් කටයුත්තට ගොඩනැඟිලි සංකීර්ණය පවරා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලන බවයි.

2025 නොවැම්බර් මස 04
657
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2329
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මොනරාගල සතොස ගබඩා සංකීර්ණය වසර ගණනක් වහලා