
(ඩී.ජී. සුගතපාල)
කලමැටිය කලපුවේ මසුන් ඇල්ලිමට ගිය ධීවරයෙකු අතුරුදහන්වී ඇති බවට අද (17) සවස පැමිණිල්ලක් ලැබී ඇතැයි හුංගම පොලිසිය පවසයි.
මෙසේ අතුරුදහන්වී ඇත්තේ හුංගම මැදඑළිය පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.
තම සැමියා ධීවර කර්මාන්තයේ යෙදෙන බවත්, කලමැටිය කලපුවේ මසුන් ඇල්ලිමට ඊයේ ගිය අතර අද සවස් වනතුරුත් නිවසට නොපැමිණි බවත් පවසා ඔහුගේ බිරිඳ පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මකවු පොලිසිය එම ස්ථානයට ගොස් කරන ලද විමර්ශණයේදී ඔහු විසින් ගෙන යන ලද උපකරණ සහ ඇඳුම් කලපුව අසල තිබි සොයාගෙන ඇත. ප්‍රදේශවාසින් පැවසුවේ කලපුවේ කිඹුලන්ද සිටින බවය.
නාවික හමුදාවේ සහාය ලබාගෙන කලපුවේ සෝදිසි කිරිම් ආරම්භ කිරිමට පියවර ගන්නා බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd