(නිමල කොඩිතුවක්කු)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් සහ විභාග කාර්‍ය මණ්ඩල වල පහසුව සදහා හෙට (01) සිට විශේෂ බස් රථ සේවාවක් යොදවන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා පැවසීය.
විභාග කාල සටහන අනුව විශේෂ බස් රථ යෙදවීමක් සිදු කරන බවත් එම සේවාව අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන තෙක් ක්‍රියාත්මක බවත් සභාපතිවරයා සඳහන් කළේය.
සිසුන්ට සහ විභාග කාර්‍ය මණ්ඩලය සදහා සේවා පහසුකම් සපයන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කර ඇති ඉල්ලීමක් මත මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක බවත් ඔහු කියා සිටියේය.
මෙයට අමතරව විභාග සිසුන් සඳහා ප්‍රවාහන ගැටලු ඇති ප්‍රදේශවලට තවත් අතිරේක බස් රථ යොදවන ලෙසට සියලුම ඩිපෝ කළමනාකරුවන් දැනුවත් කර ඇති බවද රණවක මහතා වැඩිදුරටත් සදහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සා.පෙළ විභාගයට යන්න විශේෂ බස් සේවාවක්