IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පිස්තෝලයක් සමග ගුවන් හමුදා සෙබළෙක් අත්අඩංගුවට

(රේඛා තරංගනී ෆොන්සේකා)

ගුවන් හමුදාවෙන් මීට මාස තුනකට පෙර පැන ආ බව කියන ගුවන් හමුදා සෙබලෙකු සහ ඔහු සතුව තිබී ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝලයක් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.

ලැබුණු බුද්ධි අංශ තොරතුරකට අනුව අඟුලාන සයුරුපුර නිවාස සංකීර්ණය ආසන්නයේදී මාර්ග බාධකයක් යොදමින් සිදුකළ යතුරුපැදි පරීක්ෂාවේදී යතුරුපැදියේ පිටුපස ආසනයේ ඉතා සුක්ෂම ලෙස සඟවා තිබියදී මෙම පිස්තෝලය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සමග පිස්තෝලය, ජංගම දුරකථන දෙකක් යමහා එෆ්.ඉසෙඩ් වර්ගයේ යතුරුපැදියක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මොහු මීට මාස තුනකට ඉහතදී ගුවන් හමුදාවෙන් පැන විත් ඇති පුද්ගලයකු බව පොලිසිය කියයි.

අදාල පිස්තෝලය කුමන කාර්යයක් සඳහා ළඟ තබාගෙන සිටියේද සහ ඒ අදාළ කරුණු පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් කරන පොලීසිය කකරුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් පැවසීය.

සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවත් රත්මලානේ තාවකාලිකව පදිංචි වී සිටින බවත් පොලිසිය පැවසීය.



අදහස් (0)

පිස්තෝලයක් සමග ගුවන් හමුදා සෙබළෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site