(බී.ජානක)
දෙහිවල ද අල්විස් පෙදෙසේ දෙමහල් නිවසක අද (4) පස්වරුවේ 3.30 ට පමණ ඇති වූ ගින්නකින් එහි උඩුමහලට දැඩි හානි සිදු වී ඇතැයි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැවසීය.
ගින්න ඇති වන අවස්ථාවේ දී නිවස තුළ වයස් ගත කාන්තාවක් සහ මෙහෙකාරිය සමඟ කුඩා දරුවකු සිට ඇතත් ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නැතැයි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැවසීය.
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ දෙකක් යොදා ගනිමින් ගිනි නිවීමේ භටයින් 8 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ගින්න මුළුමනින්ම මැඩ පැවැත්වීමට හැකි වූ බව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ අංශ බාර නිලධාරී සුනන්ද පෙරේරා මහතා පැවසීය.
ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් බවට සැකකෙරෙන බවද ගිනි නිවීමේ ඒකකය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd