IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පළාත් පාලන සේවකයෝ දි.ලේ. කාර්යාලයේ ප්‍රධාන දොරටුව අවහිර කරති

(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා සහ ඩී ජී සුගතපාල)

දීර්ඝ කාලයක් තමන් පළාත් පාලන ආයතනවල සේවය කර ඇතත්තමන්ගේ සේවය තවමත් ස්ථිර කර නොමැති බව පවසමින් පළාත් පාලන එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (1) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව අවහිර කරමින් පැවැත්විණි.

කෙසේ වෙතත් රජය විසින් රැකියා ලක්ෂයක් ලබා දෙමින් එම සේවකයන් ස්ථිර කිරීමට පියවර ගනිමින් තිබෙන බවද විරෝධතාකරුවෝ කියා සිටියහ.

මේ හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට පිවිසෙන සහ ඉන් පිටතට යන වාහන ගමනාගමනයට ද බාධා පැමිණ තිබිණි.

පසුව මෙම ස්ථානයට පැමිණි වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාමෙම ගැටළුවට ඉක්මණින් විසඳුමක් ලබා දෙන බව පැවසීම හේතුවෙන් විරෝධතාකරුවෝ මෙම ස්ථානයේ විසිර ගියහ.

ඡායාරූප ඩී ජී සුගතපාල

 



අදහස් (0)

පළාත් පාලන සේවකයෝ දි.ලේ. කාර්යාලයේ ප්‍රධාන දොරටුව අවහිර කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 588 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 735 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 311 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site