IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සාමිවරයකු කියා ලක්ෂ 22 ක් සොරාගත් 6 ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                            

වැලිපැන්න  බොන්දුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට පැමිණ රුපියල් ලක්ෂ 22 ක් සොරා ගැනීමේ  සිද්ධියකට සාමිවරයෙක් යැයි  කියාගන්නා පුද්ගලයකු  ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු  අද (28) අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.                       

අත්අඩංගුවට  පත් වූවන් අතර හිටපු හමුදා සෙබලෙක්,වාදක කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු වේ.                                 

ව්‍යාපාරිකයාගේ නිවසට ආරක්ෂාවක් කර ගැනීම සඳහා පුද්ගලයකු සොයමින් සිටියදී අසල්වාසී පුද්ගලයකු මාර්ගයෙන් සාමිවරයා යැයි කියා ගන්නා පුද්ගලයා හඳුන්වා දී ඇති අතර වූ පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ සිට පැමිණෙන බවට පවසා  මීගහතැන්න පදිංචිව  සිටි එම පුද්ගලයා  ව්‍යාපාරිකයාගේ නිවස වෙත රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.              

ව්‍යාපාරිකයාගේ නිවසට ගිය එම පුද්ගලයා නිවස පරික්ෂා කිරිමෙන් පසුව ඉඩම ද පරික්ෂා කර ඉඩමේ තිබෙන  වස්තුවකට  ව්‍යාපාරිකයාට උරුමකම් තිබෙන බවත් ආරක්ෂාව කර කරගැනීමෙන් අනතුරුව ඒ ද ලබාගැනීමට හැකියාව තිබෙන බවත් පවසා   සතියක්  පීලි ජාති අනුභව නොකරන ලෙස ව්‍යාපාරිකයාට  හා ඔහුගේ පවුලේ අයට දන්වා   තිබූ බව පොලිසිය කියයි .                

නිවස ආරක්ෂා කර ව්‍යාපාරිකයාට හිමි වස්තුව ගොඩ ගැනීම සඳහා රුපියල් ලක්ෂ 22 ක් වැයවන බවත් පවසා ව්‍යාපාරිකයා  එයට  එකඟ වීමෙන් අනතුරුව නිවසින් පිටවී ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.                    

සතියක් ගතවී ගත වීමෙන් අනතුරුව  නිවසට පැමිණ තිබූ මෙම සාමිවරයා යැයි කියා ගන්නා පුද්ගලයා හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු උපක්‍රමශීලීව ව්‍යාපාරිකයා  නිවසින් පිටතට යවා නිවසේ කාමරයක අල්මාරියක තිබූ රුපියල් ලක්ෂ 22 ක මුදල සොරාගෙන  හොර රහසින්  පිටවී  ගොස් තිබූ බව බව පොලිසියට  ලද  පැමිණිල්ලේ සඳහන් වේ 

අත්අඩංගුවට ගත් සැකකරුවන්  මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

 



අදහස් (0)

සාමිවරයකු කියා ලක්ෂ 22 ක් සොරාගත් 6 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site