IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කාත්තාන්කුඩි ප්‍රා.ලේ කාර්යාලයේ ඉඩම් අංශය වහයි

(ටි එල් ජ්වුෆර්කාන්)

කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  රාජකාරි කරන නිලධාරියකුට කොවිඩ් ආසාදනය තහවුරු වීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

කාත්තාන්කුඩි  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  ඉඩම් අංශයේ  රාජකාරි කරන නිලධාරිනියකුට  මඩකලපුව ශික්ෂණ රෝහලේ කළ  කොවිඩ් පරික්ෂණයෙන්  ආසාදනය තහවුරු වී ඇත.

ඉන් අනතුරුව  එම නිලධාරිනි රාජකාරි කරන ඉඩම් අංශය  තාවකාලිකව වසා දමා ඇත.

එම අංශයේ  රාජකාරි කරන අනෙකුත් නිලධාරින් ස්වයං නිරෝධානය කර ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

පසුව  කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  ඉඩම් අංශය  හා මෝටර් රථ ප්‍රවාහන  බලපත්‍ර  අංශය  ද  තාවකාලිකව  වසා දැමීමට පියවර ගැණිනි.

එම නිලධාරිනිය ඇසුරු කළ  නිලධාරින්ට  පිසිආර් පරීක්ෂණ  පැවැත්වීමට  කටයුතු කිරිමට නියමිතය.



අදහස් (0)

කාත්තාන්කුඩි ප්‍රා.ලේ කාර්යාලයේ ඉඩම් අංශය වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 588 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 735 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 311 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site