IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගල්කොරි දෙකක ගල් ප්‍රවාහන ලොරි නතර කරන්නැයි ඉල්ලා උද්ඝෝෂනයක



(රංජිත් රාජපක්ෂ)
 
නාවලපිටිය හොල්ගම ප්‍රදේශයේ පිහිටි ගල්කොරි දෙකක කඩන ගල් ප්‍රවාහන ලොරි රථ වලින් ප්‍රවාහනය කිරිමේ දී විශාල පරිසර හානියක් සිදු වන බව පවසමින් ගම්වාසීන් පිරිසක් ලොරි රථ හරස් කරමින් අද (5) දහවල් උද්ඝෝෂණයක නිරත වූහ.

ගල් කොරි දෙකේ සිට දිනකට ටිපර් රථ 500 ක් පමණ හොල්ගම හරහා ධාවනය වන බවත්, කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර අතරමග නතර කර ඇති හොල්ගම මාර්ගයේ දුවිල්ල ප්‍රධාන මාර්ගය අභියස පිහිටි තම නිවාස තුළට පැමිණෙන බවත්, පවත්නා තත්ත්වය මත ගම්වාසීන් විවිධ ශ්වසන රෝග වැළදීමේ අවදානමක් ලක් වී ඇති බවත් ඔවුහු පවසති.

තමන් පානීය ජලය ලබා ගන්නා ජල මුලාශ වලටද ටිපර් රථ ධාවනය කිරිමෙන් ඇති වන දුවිල්ල මුසුවිමෙන් පානීය ජල ගැටළුවක් ද මතු වී ඇති බවත් මෙයට විසඳුමක් ලබාදෙන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා ටිපර් රථවලට ධාවනය කිරිමට අවස්ථාව නොදෙන බව ඔවුහු කියති.

ගල් ප්‍රවාහනය කරන ටිපර් රථ අයිතිකරුවන් එම මාර්ගයට දිනකට අවස්ථා කිහිපයක දී දුවිල්ල විහිදිම අවම කිරිම සඳහා ජල බවුසර් යොදා ගනිමින් ජලය ඉසින බවට පොරොන්දු වුවද එය සිදු නොකරන බව උද්ඝෝෂණයේ නියැලී සිටි හොල්ගම ගම්වාසින් කියා සිටී.



අදහස් (0)

ගල්කොරි දෙකක ගල් ප්‍රවාහන ලොරි නතර කරන්නැයි ඉල්ලා උද්ඝෝෂනයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site