IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බ්‍රාහ්මණවත්තේ විමලවාසතිස්ස හිමි බලපිටිය උතුර නව ලේඛකාධිකාරී තනතුරට

 

(එම්. සුසිල් ප්‍රියන්ත)

බලපිටිය උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නව ලේඛකාධිකාරී ලෙස බලපිටිය පාතේගම යෝගාශ්‍රම විහාරාධිපති, බලපිටිය සාමනේර ආකල්ප භික්ෂු මධ්‍යස්ථානාධිපති ගාලු දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක බ්‍රාහ්මණවත්තේ විමලවාස තිස්ස හිමියෝ පිට පිට දෙවැනි වරටත් නිතරගයෙන්ම තේරී පත්වූහ.


මේ නිලවරණය බලපිටිය ප්‍රාදේශීය ලේකම් බී.පී.එස්. අනුරාධී මහත්මියගේ ප්‍රධානත්වයෙන් බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

පසුගිය වසරේද (2020) වසරේද බලපිටිය උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී තනතුරට පත්වූයේද විමලවාස තිස්ස හිමියෝය. එම වසරේදීද උන්වහන්සේ එම තනතුරට පත්වූයේ නිතරගයෙනි.

බලපිටිය උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් සිසුන් සඳහා දහම් සිසු දක්ෂතා ඇගයීමක් හදුන්වාදීම ඇතුළු සිය බල මණ්ඩලයේ දහම් පාසල් දියුණු කිරීමට ගෙන තිබූ පියවරවල් නිසා විමලවාස තිස්ස හිමියන් මෙවරද ලේඛකාධිකාරී තනතුරට නිතරගයෙන් පත් කිරීමට තමන් පියවර ගත් බව මේ නිලවරණයට සහභාගීවූ දහම් පාසල් ප්‍රධානීහු පැවසූහ.



අදහස් (0)

බ්‍රාහ්මණවත්තේ විමලවාසතිස්ස හිමි බලපිටිය උතුර නව ලේඛකාධිකාරී තනතුරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site