(මුදිතා දයානන්ද)
කොළඹ නාගරික බල ප්‍රදේශයේ පදිංචි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔක්ස්පර්ඩ් ඇස්ට්රාටසෙනෙකා කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම සඳහා දිනයක් සහ වෙලාවක් නොමිලයේ වෙන් කරවා ගැනීමට හැකි වන පරිදි කොළඹ මහා නගර සභාව ඊ චැනලින් පද්ධතියක් හදුන්වාදී ඇතැයි කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණි දිසානායක මහත්මිය පැවසුවාය.
මෙම සේවාව ලබාගැනීමෙන් පෝලිම්වල රස්තියාදු වීමට ඔවුන්ට සිදුනොවන බවද දිසානායක මහත්මිය සඳහන් කළාය.
www.colombo.mc'gov'lk හෝ echanalling.com මගින් මෙසේ වෙලාව වෙන්කරවා ගත හැකිය.
කොළඹ මහා නගර සභාවේ සේවාවන් ලබාගැනීමට දිනයක් වේලාවක් ස්වයංක්‍රීයව වෙන් කරවා ගැනීමට මෙම ඊ චැනලින් සේවාව හඳුන්වාදෙනු ලැබුවේ පසුගිය 08 වැනිදාය.
එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමට වෙලාවක් වෙන් කරගැනීමටද යොදාගත හැකි බව කොමසාරිස්වරිය සඳහන් කළාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජ්‍යෙෂ්ඨ පුරවැසියනට කොරෝනා එන්නත් ඊ චනල් හරහා