
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන මස අගදී මෙරටට පැමිණීමට නියමිතව ඇත.
මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කෙරෙන සත්වැනි සමාලෝචනය වන අතර එය සම්පූර්ණ කිරීමෙන් පසුව එහි වාරිකය ලෙස ශ්‍රී ලංකාවට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක පමණ මුදලක් මෙරටට ලැබීමට නියමිතය. මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන යටතේ සමාලෝචන හයක් ශ්‍රී ලංකාව සම්පූර්ණ කර ඇති අතර ඒ යටතේ මෙරටට මුදා හැර ඇති සම්පූර්ණ මුදල් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4ක් පමණ වේ.
මෙවර සමාලෝචනයෙන් අරමුදල් වැඩසටහන යටතේ පසුගිය ජූනි මාසය අවසානය වනවිට සපුරාගත යුතුව ඇති ප්‍රමාණාත්මක සහ ව්‍යූහාත්මක ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රගතිය සමාලෝචනයට ලක් කිරීමට නියමිතව ඇත. මෙම සමාලෝචනයෙන් පසුව අටවැනි සමාලෝචනය ලබන වසරේ මාර්තු මාසයේදී සිදු කිරීමට නියමිතව අතර එය සම්පූර්ණ කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන අවසන් වීමට නියමිතය.
පස්වැනි සහ හයවැනි සමාලෝචනවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය පසුගිය මැයි 27 වැනිදා හිමිව තිබිණි. මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව 2023 වසරේ මාර්තු මාසයේදී අවුරුදු හතරක කාලයක් සඳහා වාරික වශයෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd