
ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර පිහිටි‘ඔන්ටේරියෝ’ විල, ‘ඇමෙරිකා විල’ ලෙස වෙනස් කිරීමේ විධායක නියෝගයට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය. ‘ඔන්ටේරියෝ’ විල ඇමෙරිකාවේ පංච මහා විල්වලින් එකකි.
ට්‍රම්ප් මෙම විධායක නියෝගයට අත්සන් කළේ, ඇමෙරිකාව සහ කැනඩාව අතර වෙළඳ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු, ඩොලර් බිලියන 20 ක් වටිනා කැනඩා භාණ්ඩ සඳහා ඇමෙරිකාව, සියයට 50 ක නව තීරුබදු පැනවීමට පියවර ගැනීමත් සමඟ දෙරට අතර වෙළෙඳ යුද්ධයක් නිර්මාණය වී ඇති අවස්ථාවක වීම විශේෂත්වයකි. ඇමෙරිකාව පැනැවූ බදුවලට ප්‍රතිචාර දක්වමින් කැනඩාව පෙරළා ඇමෙරිකා භාණ්ඩ සඳහා ද ඊට සමාන ප්‍රති බදු පනවා ඇත.
ඇමෙරිකාවටත් කැනඩාවටත් මායිම්ව පිහිටින ‘ඔන්ටේරියෝ’ විලේ නම වෙනස් කිරීමට තමන් පියවර ගන්නා බව ට්‍රම්ප් කලක පටන් පවසා තිබුණි. ට්‍රම්ප්ගේ විධායක නියෝගයට අනුව, ‘ඔන්ටේරියෝ’ විල, ‘ඇමෙරිකා විල’ යනුවෙන් සිදුවුණු වෙනස, ඇමෙරිකන් භූගෝලීය නාම තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම සිදු කරනු ඇත්තේ ඇමෙරිකා අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව මගිනි. ඒ සඳහා දින 30 ක කාලයත් ගත වනු ඇතැයි ද පැවැසෙයි.
ට්‍රම්ප්ගේ මෙම විධායක නියෝගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනඩා අග්‍රාමාත්‍ය මාක් කාර්නි පවසා ඇත්තේ, ඔන්ටේරියෝ නම වසර 400 කට වඩා පැරණි එකක් බවත් එය සැණින් වෙනස් කිරීමට ට්‍රම්ප් විධායක නියෝගයක් නිකුත් කිරීම කනගාටුවට කරුණක් බව ද කැනඩා අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න එන්නම පිස්සුව වැඩි වේගන එනවා වගෙයි .