IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කුපිත වූ අලියා ත්‍රිරෝද රියට පහරදීලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම සිරම්භි අඩිය 6 කනුව ආසන්නයේ දි එකවර පාර මාරු විමට පැමිණ වල් අලියකු මාර්ගයේ ධාවනය වූ ත්‍රිරෝද රියකට පහර දීමේන් එහි රියදුරා  තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

මෙසේ බරපතළ ලෙස තුවාල ලබා ඇත්තේ කරුවලගස්වැව මුරුක්කුවටවන පදිංචි කරුවෙකි.

වල් අලියාගේ ප්‍රහාරයට ලක්වන අවස්ථාවේදි කාන්තාවන් දෙදෙනකු හා කුඩා දරුවකු එහි සිටි  බව පොලිසිය කියයි.

මෙම පහරදීමෙන් ඔවුනට කිසිදු හානියක් සිදු නැත.

වල් අලි ප්‍රහාරයට ලක්වු ත්‍රි රෝද රථයේ රියදුරා පුත්තලම රෝහලේදි පවසා සිටියේ මෙවැන්නකී.

“මම හයර් එකක් යන්න ආවේ ඒ කල්අඩියට අක්කලා දෙන්නයි දරුවකුයි එක්ක .පුත්තලම අනුරාධපුර මාර්ගයේ සිරම්භිඅඩිය 6 කනුව ආසන්නයේ දි පාර හරහා එකවර අලියකු පැන්නා මම හොදටම බය වුණා .ඒ එක්කම අලියා ත්‍රි රෝද රථයට පහර දුන්නා .

මට කරගන්න දෙයක් නැතිවුණා ත්‍රි රෝද රථය පෙරළුණා අක්කලා දෙන්නයි කුඩා දරුවයි කෑ ගැසුවා අලියා ත්‍රි රෝද රථයට ගහපු පහරට මගේ අතක අස්ථි පුපුරලා වම් කකුලටත් බරපතළ තුවාල හැබැයි අලියා අපේ කෑ ගැසිමට බය වි කෑලයට දිව්වා‘‘ කීය.

වල් අලියා පහර දිමේන් ත්‍රිරෝද රථයට බරපතළ හානි සිදුව තිබුණි.

 



අදහස් (0)

කුපිත වූ අලියා ත්‍රිරෝද රියට පහරදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site