( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දුන්ගල්පිටිය කැපුන්ගොඩ ශාන්ත අන්තෝනි දේවස්ථානයට උල් පිහි දෙකක් රැගෙන ඇතුළු වීමට තැත් කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව දුන්ගල්පිටිය පොලිසිය කියයි.
එම පුද්ගලයා සන්තකයේ තිබී අඟල් 6 ක් පමණ දිග උල් පිහියක් හා දෙකට නැවිය හැකි අඟල් 5ක් පමණ දිග උල් පිහියක් සොයාගෙන ඇත.
කැපුන්ගොඩ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පාස්කු උත්සවයට සමගාමීව පවත්වන ලද දේව මෙහෙය අතරතුර සැකකාර පුද්ගලයා ගමන් මල්ලක් රැගෙන දේවස්ථාන ඇතුළුවීමට උත්සාහ කිරීමේදී එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ගමන් බෑගය පරික්ෂා කිරීමේදී එම උල් පිහි දෙක සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරීයෙකු පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd