(රොමේෂ් මධුෂංඛ)
යාපනය කයිට්ස් හි වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු හෙරෝයින් කිලෝ එකක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බවට සුරාබදු නිලධාරී කාර්යාලය පවසයි.
චාවකච්චේරි සුරාබදු නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් සහ පේදුරුතුඩුව සුරාබදු නිලධාරී කාර්යාල නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ නිවසක් තුළ සූක්ෂමව සඟවා තිබූ අදාල හොරෝයින් තොගය සොයාගනු ලැබූ අතර නිවසේ හිමිකරුද හෙරෝයින් සමග අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සොයාගත් හෙරෝයින් තෙගය අදාල පුද්ගලයාට ලැබුනු ආකාරය පිලිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඉන්දියාවේ සිට මුහුද මාර්ගයෙන් මෙම හෙරෝයින් තොගය රැගෙනවිත් දකුණට බෙදාහැරීමට සැලසුම් කොට ඇති බවට සුරාබදු නිලදාරීන් සැක පළ කර සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd