විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් හත්දෙනකුට මරණ දඬුවම
යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩු විභාගයේදී තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංගචේලියන් මහතා ප්‍රකාශ කර සිටියේ පළමු සහ හත්වැනි විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කළ යුතු බවත් ඉතුරු විත්තිකරුවන් හත් දෙනාට මරණ දඬුවම දිය යුතු බවත් ය.