IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ගම්පහ දුම්රිය ප්‍රමාදයෙන් මගීන් අසීරුවට

  (චතුර එස් .කොඩිකාර) 

 අද උදෑසන  ඇතිවු  දුම්රිය   ප්‍රමාදය   හේතුවෙන්   ගම්පහ   දුම්රිය ස්ථානය  වෙත  පැමිණි  මගීන් විශාල ප්‍රමාණයක් දැඩි අපහසුතාවයට පත් වී ඇත.



අදහස් (9)

ගම්පහ දුම්රිය ප්‍රමාදයෙන් මගීන් අසීරුවට

de silva Monday, 23 April 2018 06:32 AM

අර හැම අවුරුද්දෙම රුපියල් කෝටි 1000 ත් 2000 අතර මුදලක් පාඩු ලබන ශ්‍රී ලන්කන් එක විකුණලා හෝ එහි පාලනය පුද්ගලික අංශයට දීල , එතනින් ඉතුරුවෙන මුදල් වලින් වශිකව කෝටි 600 ක් දුම්රිය දෙපර්තුමෙන්තුවත් තව කෝටි 600 ලංගමත් නවීකරණය කරන්න වියදම් කලොත් , වසර කිහිපයක් යනකොට පොදු ප්‍රවාහන සේවයේ විශාල වෙනසක් දකින්න පුළුවන්

:       2       56

sachith Monday, 23 April 2018 06:38 AM

පාලකයෝ කරන්නේ කොමිස් ගන්න පුළුවන් නිසා කොහෙන් හරි දුම්රිය එන්ජින් ගේන එක. කවදාවත් දුම්රිය මාර්ගවලට යාවත්කාලීන වෙච්ච සංඥා පද්දතියක් සවි කරන්නේ නෑ. අඩුම ගානෙ තම එකම මාර්ගේ යන දුම්රිය දෙකක රියදුරන්ට අන්තර පණිවිඩ හුවමාරු පද්දතියක් නැනේ.

:       1       27

DONMonday, 23 April 2018 02:33 PM

මේ රටේ අය කරන්නේ ඕනෑම දෙයකට තවත් කෙනෙකුට චෝදනා කිරීම හැර අන් කිසිවක් නොවේ. මේ ප්‍රශ්නවලට දේශපාලකයෝ වගේම මේ මුළු සමාජයත් වගකිව යුතුයි. රේල් පාරක් හෝ ඕනෑම පාරක් පුළුල් කරනකොට එයට විරුද්ධ වන්නේත් ජනතාවමයි. ඒ ඔවුන් ජාතික අවශ්‍යතාවය ගැන නොසිතා ඔවුන් ගැන පමණක් සිතන නිසායි. ඔවුන්ගේ පිටුපස සිට වෛරය, ක්‍රෝධය වපුරන්නෙත් දේශපාලකයින්ය. මේ විදිහට දෙපැත්තට ඇද ඇද සුද්දාගෙන් පසුව අවුරුදු හැත්තෑවක් රට ගමන් කර අවසන්ය. මේ මජර ක්‍රමයට සමාජයද අනුගත වී අවසන්ය.

:       1       36

ප්‍රීති Monday, 23 April 2018 06:46 AM

ඇත්තෙන්ම ඉතාම සුන්දර දර්ශනයක්. මෙවැනි ජන ගඟක සුන්දර දසුන් දැකීමට අප නෙත් කොතරම් පින් කර ඇද්ද?

:       1       100

Ranjan Monday, 23 April 2018 07:25 AM

දුක් විදින ජනතාව ගැන නොසිතන ඔවුන් ගැන සොයා නොබලන නමුත් මැති ඇමති වරුන්ට සුරැ සැප ලබා ගන්න පාර්ලිමේන්තුව අලුත් කරන්න කොටි ගනන් වියදම් කරන්න මේ රජයට හැක

:       1       56

de silva Monday, 23 April 2018 07:52 AM

දුම්රිය එන්ජින්, පෙට්ටි ගෙන්වන්න ආණ්ඩුවට සල්ලි නැහැ. නමුත් අැමැතිලට නියෝජ්‍ය ඇමතිලා ටොයෝටා සහරා වර්ගයේ කොටි 3 කට වැඩිය වටිනාකමක් ඇති වාහන ගෙන්වන්න නම් සල්ලි තිබෙනවා.

:       0       245

MaheeMonday, 23 April 2018 09:57 AM

ඔන්න ඕකනේ කියන්නේ, ඔය කියපු කාර් එකක් කෝටි 3 යි නේද? කෝච්චියක් කෝටි කීයක්ද? ඉතින් අපේ ඇමති ගොල්ල ලාභ බඩුවක් ගෙන්නලා කෝටි ගණනක් ඉතිරි කරලා දුන්නහම සිල්වා මහත්තයලා ඒකටත් දොස් කියන එක හොඳද?

:       0       23

de silva berlin Monday, 23 April 2018 10:52 AM

ඉස්සර දහනායක අගමැතිතුමා කබල් කෝච්චියෙන් ගාල්ලේ ඉඳන් කොළඹට පාර්ලිමේන්තු ගියා.. ජනතාවට සේවය කරන්න ඊළඟ ඡන්දයේදී එතුමා අාසනෙත් පැරදිලා ගෙදර හිටියා... දැන්කලේ උතුමලා ජනතාවට සේවය කරන්න. එහෙම වැනි වැනී කබල් කොච්චි වලින් එන්නේ නැහැ. සාමාන්‍ය මාර්ගයේත් ප්‍රාඩෝ එකෙන් ඉගිල්ලිලා එන්නේ හරියට අධිවේගී මාර්ගයේ එනවා වගේ, එතුමලා ඡන්දෙ පැරදුණත් දහනායකලා වගේ ගෙදර ඉන්නේ නැහැ. පින් ඇමතිකමක් හරි දීලා ලොක්ක ඇතුලට ගන්නවා. ප්‍රාඩෝ එකකුත් තීරුබදු රහිතව ලැබෙනවා. කරුණාකර ඉතින් පත්තරවල ඔය කබල් කෝච්චි ප්‍රශ්න ගැන නම් මතක්කරන්න එපා. ඕවට එන්ජින් අලුතෙන් ගෙනාවත් අර ඉස්සර වගේ කොමිස් පාරක් සාක්කුවට දමාගන්න එක ලේසි නැහැ. දැන් ඉන්ටර්නෙට් එක හරහා රටම ඕව දැනගන්නවා.

:       0       51

nalin Monday, 23 April 2018 12:02 PM

ඔබ හරි... මීට කලින් අපි මේවා දැක්කේ ඉන්දියාවේ හරි බංග්ලාදේශයේ හරි. හරි ෂෝක්...!!!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1839 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1484 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site