(වන්නි රොමේෂ් මධුෂංඛ)
කිළිනොච්චිය පලෙයි රක්ෂිත වනයෙන් අනවසරයෙන් කපන ලද බුරුත කොට තොගයක් ලොරියකින් ප්‍රවහානය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පලෙයි පොලීසියට ලැබුණු තොරතුරකට අනුව නිලධාරීන් පිරිසක් විසින් මාර්ග බාධකයන් යොදා අදාළ ලොරි රථය නවතා පරික්ෂා කර ඇත.
එහිදී දහයියා උර යටින් බුරුත කොට සගවා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එම ලොරියේ බුරුත කොට 42 ක් තිබූ බව පොලීසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා කිළිනොච්චිය දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රභාකරන් ආරක්ෂා කරපු දේවල් අපේ මිනිස්සු විනාශ කරනවා