රංජන් කස්තුරි
මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති කුඩා ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන ඇති තීන්දුවට තමන් දැඩි විරෝධය දක්වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.
පොඩි මිනිසුන්ගේ බඩට ගැසීම යහපාලන ප්‍රතිපත්තිය නොවන හෙයින් ජනතාවගේ පැත්තෙන්ද කරුණු සොයා බලා අදාල තීන්දු ගන්නා ලෙස නිලධාරීන්ට දැනුම් දෙන බව ද ෆයිසර් මුස්තාපා මහතා කීවේය.
මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති ව්‍යාපාරික ස්ථාන කේන්ද්‍ර කරගෙන එම ප්‍රදේශය සංචාරක කර්මාත්නය අද වන විට දියුණු තත්ත්වයක පවතින බවත්, ඒ ආශ්‍රිතව විශාල ජනතාවක් රැකියාව නිරතන වන බවත්, එම ව්‍යාපාරි ස්ථාන ඉවත් කිරීම ඔවුන්ගේ ජීවනෝපායට පහර ගැසීමක් බවත් ඇමැතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය බලන්නේ තමන්ගේ ඡන්දෙ ගැන. නමුත් දකුණු වෙරල තිරයේ සංචාරකයොන්ට සිදුවෙන කරදර හින්ද ලංකවේ සංචාරක කර්මාන්තයට ලොකු බලපෑමක් සිදුවෙනවා
වෙරළ සංරක්ෂණ නීතිවලට අනුකූලව අනවසර ඉදිකිරීම් ඉවත් කරනවා නම් ලොකු කුඩා, දුප්පත්, පොහොසත්, පක්ෂ විපක්ෂ භේදයක් නොමැතිව මේවා කල යුතුය. ඉවත් කලයුත්තේ කුමක්ද යන්න නීතියට පටහැනිද නැද්ද යන්න තීරණය කළ යුත්තේ උසාවිය මිසක් දේශපාලකයින් නොවේ. ලංකාවේ ප්‍රධාන නගරයක් ගත්තොත් පදික වේදිකාවල මිනිස්සු වෙළඳාම් කරති. පදිකයින්ට යන්න වෙලා තිබෙන්නේ පාර මැදය. මිනිසුන්න්ට හිතෙන හිතෙන විදිහට රජයේ ඉඩම් සහ රක්ෂිත කොටු කරගෙන ගෙවල්, හෝටල් තනති. නිලධාරී නීතිය ක්‍රියාත්මක කරනකොට දේශපාලකයෝ ඒවාට හරස්වෙති. ලංකාවේ කිසිම දෙයක් පිළිවෙලකට කරන්න බැරි වෙලා තිබෙන්නේ දේශපාලකයෝ හැම දෙයකටම ඇඟිලි ගහන නිසාය. මිරිස්ස, හික්කඩුව, තංගල්ල යන සංචාරක මර්මස්ථාන වල වෙරළේ සිදුකර ඇති අනවසර ඉදිකිරීම් බොහොමයක් කර ඇත්තේ දේශපාලක සම්බන්ධතා ඇති පුද්ගලයන්ය. දැන් එම සංචාරක මර්මස්ථාන ක්‍රමයෙන් පිරිහෙමින් පවතී.
මේ පුද්ගලයා හැම දේකටම අතදානවා. මේ ගැන කතාකරන එක ඔහුගේ රාජකාරිය නොවෙයි.
කුඩා ව්‍යාපාර කියල ජරා ව්‍යාපාර කරන්න ඉඩ දෙන්න හොඳ නෑ. නිසි පාලනයක් යටතේ කරන්න දෙන්න ඕනෑ. හිතුමතේට කඩ දාන්නේ කවුද කියල ඔබලාම දන්නවා. අහිංසක ව්‍යාපාර කරන අය එහෙම නෑ. ජරාව ලැබෙන කොට සමහර පාලකයොත්, නීති රකින අයත් ඔහේ ඉන්නවා.
මෙයාගේ හෙන්චයියෝ ගොඩක් ඉන්නවා ඇති. එ්කයි... ඔය වගේ පොඩි කඩවල් ඇතුලේ මොනවා වෙනවද කියල දෙයියෝ තමයි දන්නේ..?
ඔය වගේ ගැලරිය පිනවන කතා කියන්න ඉසරවෙලා ලංකාවේ වෙරල සංරක්ෂණ නීති ලිහිල් කරන්න ඕනේ කියල උගත් පෙරකදෝරු මහතෙකු සහ කැබිනට් ඇමති වරයකු වන ඔබතුම අවන්කවම සිතනවානම් කැබිනට් පත්‍රිකාවක් ගෙනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගන්න , නැත්නම් වෙන්නේ පවතින තත්වය තව තවත් අවුල් වීම පමණි. ඔය කියන කතා අහල වෙරල අසල ජිවත්වන මිනිස්සු හිතුමතේ වෙරල පූරා අනවසර ඉදිකිරීම් කරන්න ගත්තොත් වෙන්නේ වෙරළේ නිස්කලංක බව නැතිවී සංචාරකයන් ලංකාවට එම අඩුවීම පමණි.
මේ රටේ මුකුත් කරන්න බැහැ. දැන් ඉතින් ජනපතිත් මේ පැත්තට උදව් කරාවී.
ඒ කියන්නේ මුස්තාපාට වෙරළ සංරක්ෂණයක් ඕනේ නැහැ. ගෝඨාභය මහතා නොසිටින්න කොළඹ කොටුවත් ලස්සන ප්‍රදේශයක් වෙන්නේ නැත. මුස්තාපා රටට වියයුතුදේ කොරන්න.
ඡන්ද ගන්න සිතනවා මිසක් ඇමතිවරු රට ගැන සිතන්නේ නැති බවට හොඳ උදාහරණයක්.
මෙයා මේ රටේ කවුරු කියලා හිතාගෙනද දන්නේ නෑ ඉන්නේ.. ? පහුගිය දවස් වල පිටකොටුවේ අනවසර කඩ ඉවත් කලොත් බලාගෙනයි කියල තර්ජන දැම්මා. දැන් මිරිස්සේ.. ඕනෑම නීති විරෝධී වැඩක් කලත් කමක් නෑ තමන්ගේ ජාතියට ඒවා අදාළ නෑ කියලනේ මේ පෙන්නුම් කරන්නේ.
සම්පූර්ණ ඇත්ත. සංචාරකයන් දෙතුන් දෙනෙක් මරනකම් ඕවා ඉවත් කරන්න ඕන නෑ
අනේ මහත්තයෝ , ඡන්ද පෙට්ටිය ගැනවත් , එක ජනවර්ගයක් ගැනවත් හිතන්නේ නැතිව රටේ දියුණුව වෙනුවෙන් එකට එකතුවෙලා තීරණ ගන්න. අපිටත් දැන් ඔයාලගේ කෝලන් බලලම ඇතිවෙලා තියෙන්නේ.
ඡන්ද බඩගොස්තරවාදීන් ඔය අය කවදද රට ගැන හිතුවේ .
කරුණාකර අයෙත් කකුලෙන් අදින්නේ නැතිව ඉන්නවද. ඔය පරමාර්ථය අපි දන්නවා.
නොදන්නා දේවල් කියවන්න එපා. මේ මනුස්සයට දකුණේ ඡන්ද නෑ.
හරි ඔය පවතින වෙරළ සංරක්ෂණ නීති ලිහිල් කරන්න ඕනේ නම් මොනවද ඔබ යෝජනා කරන සංශෝධන? මට හිතෙන විදිහට අර කෝලාහල සිද්ධියට සම්බන්ධ හෝටලයට ගිය බව කියන දේශපාලකයාගේ හෝ පාතාල කණ්ඩායම් සමග මෙයාගේ සම්බන්ධයක් ඇති.... එහෙම නැත්නම් මෙයත් අනුන්ගේ නමකින් වෙරළේ අනවසර ඉදිකිරීමක් කරනවා ඇති, මෙයට වෙරළ ආසන්නයේ ඡන්ද නැතිනම් මෙයාගේ විෂයට වෙරල අදාල නැත්නම් මෙය එක පාරටම කුල්ලපු වුනේ මොකද කියලා හොයලා බලන්නම වටිනවා.
මිරිස්සේ යන ඕනෑම කෙනෙක් දන්නවා එහෙ මුස්තාපාගේ ජාතියේ අය නෙමෙයි කඩ දාගෙන ඉන්නේ කියලා. දැන් පොඩි මිනිහගේ ජාතිය බලන්නේ නැතුව කතා කරපු මුස්තාපාද වැරදි, එහෙම නැත්තම් නම බලලා තමන්ගේ ජාතියට අදිනවා කියන "උගත්" පාඨකයෝද වැරදි ?
පන්වර් දැන් මුස්ලිම් ව්‍යාපාරිකයෝ සහ මුස්ලිම් පාතාලය නීති විරෝධී ව්‍යාපාර ආරම්භ කරන කොට බොහෝවිට කරන්නේ සිංහල නමකින්... එ්කේ ඉස්සරහ බොරුවට පෙනෙන්න හොඳ පඩියක් දීලා සිංහල මනුස්සයෙක් මැනේජර් කෙනෙකු වගේ පුටුවක් දීලා ඒකේ ඉන්දවල තිබෙනවා. ඇතුලේ වැඩ කරන ඔක්කොම හොඳට සිංහල කතාකරන මුස්ලිම් මිනිස්සු..., පළාතේ සිංහල පාතාලයත් අල්ලාගෙන වැඩේ හොඳට කරගෙන යනවා. වැඩේ වැරදුනොත් යන්නේ සිංහල මිනිස්සුන්ගේ නම, එ්කේ වැඩකරපු මිනිස්සු "මාතියා අපි මොකුත් දන්නේ නා.. එපි කුලියට තම වෙඩ කලේ" කියල මාරු වෙලා යනවා.