දිලීප් ජයසේකර / රොෂාන් දිලිප් කුමාර
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ ගතවීමට පෙර සරත් අමුණුගම මහතා ඇතුළු අපි පස් දෙනෙකුට දැනුම් දුන්නා ඉදිරි කාල පරිච්ඡේය තුළ මේ ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවශ්‍ය යෝජනාවලියක් සකස් කරන්න කියලා. ඒ සකස් කරන යෝජනාවලිය අනුව අලුත් ගිවිසුමක් සකස් කිරීමටත් එතුමා බලාපොරොත්තු වෙන බවයි අපිට දැනුම් දුන්නේ. ‘ යැයි සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසිය.
අමාත්‍ය වරයා මේ බව පැවසුවේ අද (22) අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට පැමිණි අවස්ථාවේදීය.
එහිදී මාධ්‍යෙව්දියකු නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍ය වරයා මෙසේද පැවසීය.
‘අලුත් යෝජනාවලියක් සමග අලුත් ගිවිසුමක් සකස් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පෙර සිදු වූ වැරදි අඩුපාඩු පිළිබදව හොඳට අධ්‍යයනය කරලා අලුත් ආකාරයෙන් රට ඉස්සරහට යන ජනතාවාදී පාලනයක් රට තුළ ඇති කරන්නයි. ජනාධිපති තුමා ලංකාවට පැමිණි පසු මිට අදාල කටයුතු වහාම සිදු කිරීමට එතුමා පියවර ගන්නවා. මේ වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ වාඩිවෙන්න යන 16 දෙනාටත් අපි ආරාධනා කරලා තියෙනවා ආණ්ඩුවට එකතුවෙන්න කියලා. විශ්වාස භංගයට පස්ක්ෂව ඡන්දය පාවිච්චි කලා කියලා විපක්ෂයට යන්න අවශ්‍යතාවයක් නෑ.
එතුමාලට තවම මේ ආණ්ඩුවේ රැදි ඉන්න අවස්ථාව තියෙනවා. ඒවගේම අපේ ආරාධනයත් තියෙනවා මේ ආණ්ඩුවේ ඉන්න කියලා.අපේ ආරාධනයත් ප්‍රථික්ෂේප කරලා යනවා නම් ඉතින් අපිට කරන්න දෙයක් නෑ.ඒ වගේම කියන්න ඕනේ මටත් දුමින්ද දිසානායකටත් ලේකම් තනතුරුවලින් ඉල්ලා අස්වෙන්න කියලා දෙන්නෙක් තුන්දෙනෙක් නිතර නිතර කියනවා. ඒක බහුතරයකගේ මතයත් නෙමෙයි. බහුතරය එහෙම කියන්නෙත් නෑ. එහෙමෙයි කියලා මට සදා කල් මේ තනතුරුවල ඉන්න ආසාවකුත් නෑ. මම පුද්ගලිකවම ජනාධිපති තුමාට කියලා තියෙනවා මම මේ තනතුරු ඕනම වෙලාවක බාරදෙන්න ලෑස්තියි. මම මේ තනතුරින් යන්න ලෑස්තියි කියන්නේ මේ තනතුර වෙනත් පක්ෂයකට ගිහින් පුජා කරන්න කියන එක නම් නෙමෙයි.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න මේ තනතුර උපයෝගී කර ගන්න ඕනේ කෙනෙකුට මේ තනතුර දෙන්න අපි සුදානම්. ඔය නිතර නිතර දොඩවන්නේ කීපදෙනෙකු විතරයි. ඒඅයගේ ඉතිහාසය බැලුවත් කොහොම ඒවාද කියලා අපිට වඩා හොඳට මේ රටේ මිනිස්සු දන්නවා. ඒ අය හැමදාමත් කරන්නේ කාට කාට හරි අපවාද අවලාද කියන එකම තමා. ඒ නිසා ඒ අය කියන දේ ගැන එච්චරටම සැළකිලිමත් විය යුතු නෑ.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් වැඩ නොකර බොරු කයිවාරු ගගහ ඉන්නවා. රටේ සංවර්ධනය අඩාල වෙනවා ජිවන බර ඉහළ යනවා. ප්‍රශ්න වැඩි වෙනවා. රටේ ඉදිරි වැඩ පිළිවෙල ගැන කිසිම සැලසුමක් නැත. මේ ගොල්ලගේ ඔලුවේ තිබෙන්නේ පක්ෂේ තුල තම බලය රැකගන්නේ කොහොමද කියන එක පමණි.
කුකුලන් හඬලන විට එක තීරණයක් නේ... රැහැයියගේ නදත් සමග තව තීරණයක් නේ... රැහැයියටත් කුකුලාටත් තීරණ නම් වෙනස් නේ... බලය නිසා අපි "බූරුවො" වුණානේ...
අලුත් ගිවිසුම් ගහලා පරණ සෙල්ලම් දාන්න හදන්න එපා එයා මෙයාගේ කකුලෙන් අදින්නයි මෙයා එයාට කකුල් මාට්ටු දාන්නයි වගේ....
කුමන ආකාරයේ යෝජනාවලියක් ගෙන ආවත්, ඒ සෑම යෝජනාවක්ම සිවිල් සංවිධාන සමග එකඟවූ, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිණිස විය යුතුයි. පාර්ලිමේන්තුව ශක්තිමත් කරන, හොරුන්ට දඬුවම් කරන ආකාරයේ එකක් විය යුතුයි. එය එසේ නොවන්නේ නම් කිසිම කෙනෙකුට 2015 ජනවාරි ජනවරම අනුව රට පාලනය කිරීමට නොහැකි බවත්, වෙනත් දෙයකට ජන වරමක් නැති බවත් ඔය සමහර කලගුණ නොදත් දෙව්දත්තරයන් විසින් දැනගත යුතුය. ජනතාව එවිට ඔබ ගැන තීරණය කරනු ඇත.
රටේ සියලු දෙනාම ඉල්ලා සිටින්නේ මොන ගිවිසුම ගහලා හරි ජාතික ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්න කියලා, යහපාලනය,සහජීවනය,තිරසාර සංවර්දනය ඇති කර ගන්න පුළුවන් වුනේ ජාතික රජය නිසා.
එක පැත්තකින් බැලුවම රටේ දියුණුව ඉක්මන් කරනවා කියන්නේ අපේ වැහි වනාන්තර ටික කපලා සුද්ධ කරලා අධිවේගී මාර්ග, කර්මාන්ත ශාලා සහ නවීන නගර හදන එකනේ. අපිට ඉතුරුවෙලා තියෙන්නේ වනාන්තර 17% ක ප්‍රමාණයක් විතරයි, ඒ ටිකත් කපලා දැම්මට පස්සේ රටටම නියඟය බලපායි බොන්න වතුර නැතිවෙයි හුස්ම ගන්න ඔක්සිජන් නැතිවෙයි. මුළු රටම මහා නරකාදියක් බවට පත්වෙයි.
සෝමා ඩුබායි ඉඳන් දොඩවන්නේ නැතුව ලංකාවට ඇවිත් බලන්න. ඩුබායි තිලක් මොන නමින් ආවත් මොලේ වෙනස් වෙලා නැහැ.
සෝම ඩුබායි - ලංකාවට ආවනම් බලා ගන්න තිබ්බ තිරසාර සංවර්ධනේ...
සෝම කොහෙද දැන් සංවර්දනය වෙලා තියෙන්නේ?
තාමත් බලය බෙදාගන්න කුලල් කා ගන්න. රටම දැන් වංචාවෙන්, හොරකමින්, දුෂණයෙන් වෙලාගෙන.
කපටි රජා නරියා ගහ මුල සිටී බලා.
පක්ෂ දෙකකටත් වැඩ වැඩි ගණනක් එකතුවෙලා හදපු ජාතික ආණ්ඩුවේ අඩුපාඩුව එකතු වූ අය පරමාරථ අමතක කර පක්ෂවල සහ තම තමන්ගේ පෞද්ගලික උවමනා පෙරට ගැනීමයි. යහපාලනය දුර්වල කලේ බැඳුම්කර සිද්ධියයි. ඒ වගකීම සාමුහිකව බාර ගැනීමට සියළු දෙනාම වගකිමෙන් අවංකව කටයුතු කළයුතුව තිබුනා. පාලනය තුල දේශපාලනය අමතක කර රට වෙනුවෙන් ගතයුතු තීරණ ගන්න තිබුන. ආණ්ඩුවේ ඉඳගෙන වරප්‍රසාද ලබමින් විපක්ෂයට වැඩ කරන අය නිසා ජනාධිපතිවරයා අමාරුවේ වැටුනේ. හොරකම් ගැන සොයමින් කාලය ගත කිරීමට වඩා හොරකම් නොවෙන්න ක්‍රම සහ නීති සම්පාදනය කර ඒකාබද්ධ විපක්ෂයට බලය ලබාගෙන නැවත පෙර පුරුදු නොකිරීමට වටපිටාව හැදුවා නම් ඒකාබද්දයෙනුත් පිරිස ගන්න තිබුනා. හැමෝම හොරු නොවන නිසා. රට සංවර්ධනයට අවශ්‍ය පක්ෂ ප්‍රතිපත්ති නොව දිගුකාලින හා මාධ්‍යකාලින ජාතික වැඩ පිළිවෙලකි. පක්ෂ නොව ජනතාව දිනන පිළිවෙලකි. එවිට ජනතාව හොඳ පක්ෂ නිකම්ම දිනවනවා
ඔවු ඔබතුම හැමදාම කලා වගේ බලය යන පැත්තට මොක්කක් හරි ගිවිසුමක් ගහල ගෝලයොත් එක්ක ගොඩ යාවි , ඒක ඉර හඳ වගේ විශ්වාසයි.
සෝම ඩුබායි, මොන ජනමතයකින් රටේ සියලු ජනතාවම ඉල්ලා සිටින්නේ ජාතික ආණ්ඩුව දිගටම ගෙනියන්නේ කියලා? හැබැයි පහුගිය පළාත් පාලන ප්‍රතිඵල නම් කිව්වේ වහාම ගෙදර යන්නයි කියමින්...
පක්ෂය බදාගෙන කාලය මරනවා. රට එක තැන දුවන්නේ නැහැ. තීරණයක් ගන්න කොච්චර කල් අරිනවද? ඔහොම රටක් පාලනය කරන්න පුලුවන්ද? මදැයි එකතුවෙලා රට හදන්න ආවා. දූෂිතයින්ට ඔලුව උස්සන්න ආයේ පාර කපලා දුන්නා. ඒක විතරයි වැඩකට කලේ. බොහොම හොඳයි.
අගමැතිතුමාගේ මොලයත් , ජනාධිපතිතුමාගේ සරල බවත් එකතු වුණු නිසයි අපට ජාත්‍යන්තරය ජයගන්න පුළුවන් වුණේ. පංචවිධ ප්‍රතිපත්තිය තුළින් රටේ දියුණුව ඇතිවෙනවා.
අන්න පොහොට්ටුකාරයෝ ඔබතුමාව සහ දුමින්දව ලේකම් තනතුරු වලින් ඉවත් කරන්න කියල ඉල්ලනවා. දැන් මොකද කරන්නේ?
සෝමා, ඔයා ඩුබායි වල මොනවද අනේ කරන්නේ?
ආරම්භය කුණුවෙලා තියෙන්නේ... දැන් මොනවා කළත් වැඩක් නැහැ. මහා මැතිවරණයක් තියන්න මොකද වෙන්නේ බලන්න...
සෝමා ඔයත් හරියට යහාපාලන අාණ්ඩුවෙි කට්ටිය වගේ දවල් හීන දකිනවා නේද. එතකොට සෝමා ජාතික රජය සහාජිවනයයි,සංවර්ධනයයි අැති කරපු නිසාද ඔයා පිටරටකට ගිහිල්ලා දුක් විදින්නේ. සෝමා කියන තරම් මොලයක් අපේ රටේ යහපාලනයට තිබුනානම් අපේ රටෙි මිනිස්සු පිටරටවල්වල දුක් විදින්න යන්නේ නැහැ. එහෙනම් ඔයා වුනත් හිතට එකගව කථා කරනවානම් තමන්ගේ රට දාලා ඔය රටේ දුක් විදින්න යන්නේ නැහැ නේද.