( අම්බලන්තොට සනත් ගමගේ)
බෙලිඅත්ත හම්බන්තොට අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ අඟුණකොළ පැලැස්ස හැලේකඩ පිහිටි චීන සමාගමට අයත් වැඩ බිමක මුළුතැන් ගෙයි සඟවා සිටි කිරි ඉබ්බෙක් සමඟ චීන ජාතිකයෙක් අත් අඩංගුවට ගත් බව හුංගම කළමැටිය වනජිවී කාර්යාලයේ නිළධාරීහු පවසති.
වනජීවී කාර්යාලයට ලද තොරතුරක් මත මෙම වැඩබිම පරීක්ෂා කිරීමේ දී එහි මුළුතැන් ගෙයි කුඩා සිලින්ඩරයක ජලය නොමැතිව පණ පිටින් සිටි කිරිඉබ්බා සොයාගැනීමට වනජීවී නිළධාරිහු සමත් වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන කට්ටිය ඉන්න පැති වල සත්තු දකින්නත් නෑලු..
කිරි ඉබ්බෙක් නොවේ පැණි ඉබ්බෙක් වගේ.
අපේ ගම්වල මිනිස්සුත් ඉබි මස් රස දන්නවා ඉතින්
ඔව් ඉතින් මේකටත් වැරදිකාරයා මහින්ද මහත්මයනේ, එතුමා මේ සංවර්ධන ව්‍යාපෘති පටන්ගත්තේ නැත්නම් චීන්නු මෙහෙ එන්නේ නැහැනේ.
කිරි ටිකක් දොවාගෙන යන්න අරින්නලු ගෙනාවේ...
ලා දුඹුරු පාට ලංකා බල්ලන්ගේ මස් වලට චීන්නු හරිම කෑදරයි. කුඩ්ඩෝ මේ පාට බල්ලන්ව හොරකම් කරලා චීන්නුන්ට විකුණනවා. නයි ගැරඬි පොලොඟු පවා විකුණනවා.
පිටිගලගේ කතාවට මට තාම ඔලුව කැරකෙනවා වාගේ දැනෙනවා.
ඕනෑම ජීවියෙක් එහා මෙහා යනවා නම් අනුභවයට සුදුසුයි කියල කතාවක් චීනයේ තියෙනවාලු. ඉතින් කිරිඉබ්බා ඒ ගණයට අයත් සතෙක් නේ. නැද්ද මන් අහන්නේ?
චීන්නු පන තියෙන ඕනෑම දෙයක් කන කොටසක්. මේ වගේ දේවල් වලට දඬුවම් දෙන්න ඕනේ අනික් චීන්නුන්ටත් තේරුම් ගන්න.
පෙනුමේ හැටියට මට හිතෙන්නේ නම් දොරකට දාන්න ගෙනාපු කෙනෙක් වගෙයි.
මේ වෙසක් මාසයේ චීනුවා වෙජිටේරියන් කළා නම් හොඳයි නේද?
පිටිගල මහතාගේ කතාවට ඔලුව විතරක් නෙවෙයි, බඩත් දඟලනවා. මම හිතන්නේ මේ පළාතේ බල්ලන් හිටි ගමන් අතුරුදහන් ඇති...
අර කල්පිටිය පැත්තේ තිබෙන ඉස්සෝ වගාවන් වගේ, ඉබ්බෝ වගාවක් දමල ඉබ්බෝ රට පටවන්න බැරිද ?
චීන උසාවියේදී කියාවි මම ඔය ඉබ්බා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. සමහර විට ඔය ඉබ්බා මගේ භාර්යාවට කවුරුහරි මනුස්සයෙක් තෑග්ගකට ගෙනත් දෙන්න ඇති, එහෙම නැත්නම් ඔය ඉබ්බා නිකන්ම ඇවිල්ලා සිලින්ඩරේට වැටෙන්න ඇති... මේ රටේ හිටපු ඇමතිකෙනෙක් රුපියල් මිලියන 165ක් වටිනා නිවසක පදිංචි වෙලා හිටිය නමුත් ඔහු දැනගෙන හිටියේ නැහැ. ඔහුගේ භාර්යාවට මේ ගේ ලැබුනේ කොහොමද කියලා, ඔහු බොහොම ලස්සනට තවම පාර්ලිමේන්තුවේ අසුන්ගෙන ඉන්නවා. තත්වය එහෙම තිබෙද්දී කුස්සියේ සිලින්ඩරයක හිටපු ඉබ්බෙක් ගැන ප්‍රශ්න කරලා මාව රිමාන්ඩ් කරලා උසාවියට ඉදිරිපත් කරපු එක සාධාරණද? චීනේ නම් මිලියන 165ක් අල්ලස් ගත්තොත් අනිවාර්යයෙන්ම මරණ දඩුවම දෙනවා... මෙහෙ එහෙම දෙයක් වෙලා අඩුම තරමේ දවසක් වත් රිමාන්ඩ් කලේ නැහැ. මේක මට වුන ලොකු අසාධාරණයක් කියලා...
අපේ වත්තටත් අලි ඉබ්බෙක් ඇවිත් ඉන්නවා දැන් අවුරුද්දක් විතර. ගේට්ටුව ඇරලා තිබ්බත් යන්නේ නැහැ. ඉතින් පොලිසියෙන් දැනගත්තොත් මාවත් අත්අඩංගුවට ගනීද?
මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ඉබ්බා. පොලිසිය පැන්නෙ නැත්නම් මෙලහකට චීන ජාතිකයාගේ බඩේ.
ඉබ්බෝන්ට ඔච්චර ඉල්ලුමක් තිබෙනවා නම් ඔය අතරල තිබෙන කුඹුරුවල අර ඉස්සෝ වගා කරන්නවා වගේ ඉබ්බෝ වගාකරලා චීනෙට යවන්න බැරිද ?