(එස්.යු.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)
අත්තනගල්ල ව්‍යාපාරික සංගමය හා තරුණ කැල සංවිධානය කළ සංගීත සංදර්ශනයකදී සිදු වූ වෙඩි තැබීමකින් හෙයියන්තුඩුවේ ව්‍යාපාරිකයකු මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
අලුත් අවුරුද්ද නිමිත්තේ පැවැති අවුරුදු උත්සවය අවසානයේ මෙම සංගීත සංදර්ශනය සංවිධානය කර තිබුණි. මියගිය ව්‍යාපාරිකයා පස් ව්‍යාපාරකය හිමිකරුවකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබූවන් වතුරපිටිවල රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස් කියන්නෙත් රත්තරන් පවුම් තමයි ඉතින් බිස්නස් කාරයින්ට.
නාය යන නිසා පස් කපන්න තහනම් නේද .
දෙශ්පාලුවන් පසුපස මයි ඇවිදින්නේ.. උන් කර තබාගෙන සබයට ගෙන යන්නේ... හිලව් පිණිස හැම සම්පත් වනසන්නේ... බැහැ ගැලවෙන්න දෙවියන් උඩ වැඩ ඉන්නේ...
මේ එලිමහන් සංගීත සංදර්ශණ සම්පුර්ණයෙන්ම තහනම් කල යුතුයි. විශාල ශබ්දවාහිනි යන්ත්‍ර උපයෝගී කරගනිමින් කරන අහල පහල ජීවත්වන ජනතාව වීශාල පීඩනයකට ලක් කරමින් පවත්වන මේ සංගීත සංදර්ශණ සංකල්පය නිසා එය පවත්වන ප්‍රදේශයේ රස්තියාදුකාරයන්ට සල්ලාළයන්ට බේබද්ධන්ට බළපත්තර දුන්නා වගෙයී.
සත්‍යපාල මහතාට මමත් එකගයි. මේ සංදර්ශන නිසා තරුණ පරපුරෙ සංගීත රසාස්වාදය මොටවීම සිදුවෙනවා එපමණක් නොව මෙම සංදර්ශන පටිගත කර පොදු වාහන වල ප්‍රචාරය මහජනතාවට මහත් හිරිහැරයකි ප්‍රබුද්ධ ගායිකාවන්ගේ ගීත විවිධ හඩින් කීම විකාරයකි අපහාසයකි. තහනම් කලයුතුය
මට පෙනෙන්නේ දැන් නීතිය නමන්න ගිහින් වැඩියෙන් නැමිලා වගේ...
මේ සංගීත සංදර්ශන කියන ඒවා සල්ලාලයන්ට, කුඩුකාරයන්ට, බේබද්දන්ට, එපා කරපු කාඩයන්ට හිතේ හැටියට ජොලිය සපයන අවස්ථා බවට පත් වෙලා. කොහේ හරි මේ මගුලක් තිබුනොත්, එතන මිනීමැරුමක්, නැත්නම් මොකක් හරි අපරාධයක් වරදින්නේ නැහැ. මේවා පැවැත්වීම මහජනයාට කන්දොස් කිරියාවක්. දුශ්චරිත වලට රුකුල් දීමක්. නීතියෙන් තහනම් කල යුතුයි!
මේ සංගීතය තහනම් කල යුතුය. මේ කරච්චලේ හින්ද බස් එකකවත් නිදහසේ යන්න පුලුවන්ද.?