(වන්නි රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පළාතේ ධීවරයින් දෙදෙනෙකුට මෙතෙක් හමුනොවූ අන්දමේ අමුතුම ආකාරයේ මුහුදු හක් ගෙඩියක් හමු වී තිබේ.
මෙම හක් ගෙඩිය එක් පසෙකින් වට්ටක්කා ගෙඩියක් මෙන් දිස්වන අතර අනෙක් පසින් බැලූ විට කුරුල්ලකු මෙන් දිස් වන බව එම හක් ගෙඩිය හමු වූ ධීවරයෝ පවසති.
කෙසේ වෙතත් එම ධීවරයින් දෙදෙනා එම හක් ගෙඩිය වැඩි දුර පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත බාර දී තිබේ.
මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් විද්‍යානුකූල පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡායාරූපයේ පෙනෙන විදියට මේ කවච විවරය මදක් විකෘති වුන මෙලෝ මෙලෝ වර්ගයේ ගැස්ට්‍රොපොඩ් බෙල්ලෙක්.