(නිමල කොඩිතුවක්කු)
නිවැරදි මිල සූත්‍රයක් හඳුන්වා දීමකින් තොරව ඉන්ධන මිල වැඩි නොකරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව ලංකා ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා පැවසීය.
මේ වනවිටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිනකට රුපියල් කෝටි 19ක පාඩුවක් ලබන බවත් නිවැරදි මිල සූත්‍රයක් නොතිබීම සහ නිසි කළමණාකරණයක් නොමැතිවීම මෙම තත්වයට හේතු වී ඇති බවත් ඔහු කියා සිටියේය.
පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේ අද(23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
නිවැරදි මිල සූත්‍රයකින් තොරව ඉන්ධන මිල වැඩිකළහොත් එහි පාඩුව දිරීමට සිදුවන්නේද මහජනතාවට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කාලෙකට ඉස්සර ආණ්ඩුවේ ඇමති කෙනෙක් කිව්ව මන්නාරම් ද්‍රෝණියේ තිබෙනවා... කියපු තෙල් නිදිවලට දැන් මොකද දන්නේ නැහැ වෙලා තිබෙන්නේ... සමහර විට ඉන්දියන්කාරයින් බටයක් දමලා ඒවා හොරෙන් එහාට ඇදලා අරන් අපිටම විකුණුවද දන්නේ නැහැ.
රුපියල් කෝටි 19ක පාඩුව පියවා ගන්න මැති ඇමැති වරුන්ට තෙල් පිරිමහන ටොයෝටා වගේ හොඳ වාහනයක් දෙන්න. ලංකාවට ඔබින්නේ නැති අති විශාල වාහන මේ කිලෝමීටර 400ක් වත් යන්න බැරි රටේ අනවශ්‍ය රටට සුදුසු නොවන වාහන ගෙන්වීම නැවැත් වුවොත් සියලු ප්‍රශ්න විසඳෙනවා. චීන රටේ හැටියට ලංකාව පාලනය කරන්න ජනතාව රවටා ඔවුන්ගෙන් කප්පම් ගැනීමෙන් ඔවුන්ට සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ට උරුම තිරිසන් අපායමයි.
මේ දිනවල වැඩිපුර තෙල් අලෙවි වනුයේ සිපෙට්කො වලිනි. පාඩු සිදු වන්නේ කේසේ දැයි බලධාරීන් පැහැදිලි කළ යුතු වේ.