(ටී.කේ.ජී.කපිල )
ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙක් අද (22) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු වැල්ලව, කදිරවලාන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු වසර කීපයක්ම ඩුබායි හි රැකියාවක් කර ඇති අයෙකු බව රේගුව අනාවරණය කර ගෙන තිබේ.
තම ගමන් මල්ලේ ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි 30,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 153 ක් රැගෙන විත් තිබූ බවත් ඒවායේ වටිනාකම රුපියල් පහලොස් ලක්ෂ තිස් දහසක් (15,30,000) ක් වන බව රේගුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කස්ටම් ඔෆිසර්ලට දුම්වැටි පෙනෙන්නෙත් රත්තරං කූරු වගේද මන්දා? රත්තරන් ගේන මිනිස්සුන්ට පොඩි දඩයක් ගහලා ගෙදර යවල රත්තරන් රාජසන්තක කරනවා. නමුත් දුම්වැටි ගේන අයවලුන් අත්අඩංගුවට ගන්නවා. දුම්වැටි තහනම් භාණ්ඩයක්ද?