ඩයනා උදයංගනී
අනිද්දා (24) දක්වා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල මුහුදු රළ මීටර් 2.5- 3 ක් පමණ දක්වා ඉහළ යා හැකි නමුත් මෙය සුනාමි තත්ත්වයක් නොවන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා ලංකාදීපයට පැවසීය.
මේ හේතුවෙන් ධීවර කටයුතුවල නිරත වන්නේ නම් ඔවුන් දැඩි ලෙස විමසිලිමත් විය යුතතු බවත්, හැකි තරම් මුහුදු යාමෙන් වැළකී සිටීම සුදුසු බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බැවින් වෙරළ ආශ‍්‍රිතව සිටීම ද සුදුසු නොවන බව ඔහු ප‍්‍රකාශ කළේය.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වනමුහුදු ප‍්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd