බිමල් ශ්‍යාමන් ජයසිංහ
විස වායුවක් ආඝ්‍රහණය වී පස් දෙනකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම රබර් කර්මාන්ත ශාලාවේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරියව අප්‍රේල් 25වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට හොරණ වැඩබලන මහේස්ත්‍රාත් ජයන්තා ජයසුරිය මහත්මිය අද (22) නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ හොරණ දික්හේනපුර පදිංචි ඉනෝකා සංජිවනී වැලිකඩ (42) යන අය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතරම් අඩුපාඩු තිබුණත් රසායනාගාර පාලකවරියව ආරක්ෂා කරන්නේ කම්හලේ හම්පුතුන්ව. හොඳ වැඩේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරියට අහිංසක ජීවිත බිල්ලට ගත්තට...
ඇය එහි සේවය කරන කෙනෙක්.. ඇයට සතු වපසරිය ඉතා සීමිතයි... මෙහි වගකීම ගත යුත්තේ කම්හලේ ඉහළ තනතුරුවල සිටින අධ්‍යක්ෂක මණ්ඩලය සහ හිමිකරුවන්ය. ඔවුන්ගේ වගකීමයි නිවැරදි ආරක්ෂිත ක්‍රමවේදයන් හදුන්වාදීම වගේම ඒ පිළිබද හොඳ පුහුණුවක් සේවකයන්ට ලබාදීම. ජී.එම්.පී., එච්.ඒ.සී.සී.පී., අයි.එස්.ඕ. වැනි තත්ත්ව සහතික ක්‍රමවේද සඳහා ආයෝජනය නොකිරීම මෙයට හේතුව ලෙසයි මා දකින්නේ. සමහර පිළිගත් ආයතනවල සේෆ්ටි ඔෆිසර් කියලා වෙනම කෙනෙක් ඉන්නවා.. ඒවාට වෙනම ඔඩිටර්ස්ලා ඉන්නවා. ගොඩක් පිළිගත් ආයතනවල තිබෙන ජාත්‍යන්තර තත්ත්ව සහ ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ නිවැරදි දැනුමක් අපේ දේශීය කර්මාන්තකරුවන්ට ලබා දීම රජයේද වගකීමකි.. අපි දෙයක් වුනාම ඒ ගැන කතා කරනවා ඇරෙන්න , වෙන්න කලින් පිළියම් නොසෙවීම අපේ රටේ තිබෙන ප්‍රධාන දුර්වලතාවයකි.
මෙම කර්මාන්ත ශාලාවේ හිමිකරුවන්ගේ නොසැලකිලිමත් කම නිසා වටිනා ජීවිත 5ක් රටට අහිමි වුණා. ඡායාරූපවලින් මම දැක්කා එම ඇමෝනියා ටැංකිය, රුපියල් දසදහසකට අඩු මුදලකින්, එම ටැංකියට වාතාශ්‍රය ලබාදෙන හෝ වාතාශ්‍රය ඉවත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන්න තිබුණා. තව දෙයක් තමයි රජයෙන් මෙවැනි ආයතන නිතර අධීක්ෂණය කල යුතුවීම, විෂවායු ආසන්නයේ වැඩ කරනවිට ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳ සිටීම, හෝ මෙවැනි අවස්ථාවකදී ක්‍රියාකල යුතු ආකාරය ගැන සේවකයින් දැනුවත් කර තිබීම ආදිය මින් සමහරකි..
මේ රසායනාගාර පාලකවරිය මොනවා කරන්නද..? වැඩ කරන්න යන මිනිස්සු දැනගන්න එපැයි නිසි පරිදි ආරක්ෂක උපකරණ අරගෙන යන්න.. මුලින්ම වැටුණු කෙනා නම් හදිසි අනතුරක් කියමුකෝ අනික් අය මොකද විහින් මැරෙන්න යන්නේ.. බේරගන්න වුවමනා දෙවල් ගන්නේ නැතිව. මගේ නම් අදහස මෙම කර්මාන්ත ශාලාවේ වැඩ පරිපාලක (නිසි ආරක්ෂක උපකරණ නොසැපයීම නිසා) සහ අයිතිකරු මේකට සමාන ලෙස වගකීම ගන්න ඕනේ..
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීරණයකට සමාන එකක් කියල මට විතරද හිතුනේ? මේකට ඍජුවම වගකියන්න ඕනෑ අය වෙන්නේ 1. පරිසර නිලධාරී 2. මහජන සෞඛ්‍ය පරීක්ෂක 3. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී 4. කර්මාන්ත ශාලාවේ අයිතිකරු 5. වැඩ පරීක්ෂක 6. රසායන පරිපාලක? ඇයි?
මේ හැම දේකදිම අවසරය දුන්න පාලන අධිකාරියට මොනවත් දඬුවමක් නැද්ද? පළාත් පාලන ආයතනවල ඉන්න නිලධාරීන් මොනවද කළේ මේ සම්බන්ධව? උපදෙස් පිළිපැද්දේ නැති වුනාම ගත්ත පියවර මොකක්ද? ඒ අය මුලින්ම වග කියන්න ඕනේ නේද? සල්ලි වලට යට වෙලා රජකාරී පැහැර හැරීමක් සිද්ධ වෙලා නැද්ද?
මේ කම්හල ඇත්තටම ගෝත්‍රික යුගයටවත් ගැලපෙන්නේ නැති එකක්. අහිංසක අසරණ මිනිස්සුන්ගේ ජීවිත!!!
මෙවැනි රසායනික කර්මාන්තශාලාවල තත්ව පරීක්ෂණ සඳහා රජයේ පරීක්ෂක වරුන් එන්නේ නැතිද ? ඇවිල්ල නැතිද ? කර්මාන්තශාලාවේ තත්ත්ව වාර්තා යාවත්කාලීන කරගෙන ගොසින් තිබෙනවද ? මේ කිසිම දෙයක් සිදුවෙලා නැතිනම් රජයේ ඊට අදාළ පාර්ශවයන් සම්පුර්ණයෙන් වගකිව යුතුයි.
මේක පළමුවැනි එක නොවේ. අවසර පත් දෙන අය දැන්වත් අවසර පරිදි කරනවද බලන්න.
අන්තිමට දේශපාලන අනුහසින් කැකිල්ලේ නඩු තීන්දුවක්ම ලැබේවි !!!
ලොක්කන්ව හිරේ යවන්න.