(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බේරුවල ප්‍රදීපාගාරය පිහිටි දූපතෙහි විනෝදවීම සඳහා පැමිණි පිරිසකගෙන් එකම පවුලේ සහෝදරියත්, සහෝදරයත් දියේ ගිලී මියගොස් ඇතැයි බේරුවල පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කුමාර දොරටුව පදිංචිව සිටි මොහොමඩ් මුජානිඩ් (27) හා හුස්නා ෂාමික් (24) යන දෙදෙනායි.
බේරුවල ප්‍රදීපාගාර දූපතෙහි ගලක් උඩට වී මේ දෙදෙනා සහ තවත් දෙදෙනෙකු සිරි නරඹමින් සිටියදී එකවරම ආ විශාල රළ පහරකට ඔවුන් සිව් දෙනාම මුහුදට වැටී තිබේ. දෙදෙනකු දිවි ගලවා ගත්තද, එකම පවුලේ සහෝදරයා මුහුදට ගසා යමින් සිටි සිය සොහොයුරිය බේරාගැනීමට උත්සාහ කිරීමේදී දෙදෙනාම දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය කියයි.
බේරුවල පොලීසිය මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ මෙහෙයවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයයි සහෝදර ප්‍රේමය !!!
නිවන් සැප ලැබේවා ඔවුන් දෙදෙනාට.
මේ අප්‍රියෙල් මාසයේ අසන්නට ලැබුණ වාහන අනතුරු සහ ජලය නිසා වුන අනතුරු වෙන කවරදාකටත් වඩා වැඩි යයි සිතමි. වාහන හැසිරවීමේදීත් ජලය සමග හැසිරීමේදීත් තරුණ පිරිස් මීට වඩා සැලකිලිමත් විය යුතු බව දැන්වීමට අදට වඩා විධිමත් සහ පුයෝජනවත් දැනුවත් කිරිම් අත්‍යවශ්‍යව තිබේ. මේ සඳහා රජය, අධ්‍යාපන ක්ෂේත්‍රය සහ මාධ්‍ය පුළුල් කතිකාවතක් සහ සන්නිවේදනයක් අනිවාර්යයෙන්ම කළ යුතු කාළය එළඹ ඇත.
අපරාදෙ ජිවිත. අපේ ජනතාවට කොපමණ අවවාද කලත් වෙඩක් නැහැ, ගඟට කැපුව ඉනි වගේ.
මේක පුදුම වැඩක්නේ මොන තරම් ප්‍රචාරය වුනත් දවසකට දෙන්නෙක්වත් වතුරට බිලිවෙනවනේ. බලියක් තොවිලයක්වත් නටලවත් මේ බිලිපූජාව නතර කරගන්න වෙයි.