විනීතා එම් ගමගේ
සයිටම් වෛද්‍ය සිසුන්ට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ලබා දෙන වෛද්‍ය උපාධියට සයිටම් නම ද එක් කිරීමට එරෙහිව නඩු පවරන බව සයිටම් වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංසදය පවසයි.
ඒ සඳහා කටයුතු කරමින් සිටින බවත් මේ සතිය ඇතුළත අධිකරණය ඉදිරියට යා හැකි වනු ඇති බවත් එම සංසදය කියයි.
මේ වනවිටත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් සයිටම් වෛද්‍ය උපාධිය අසාධු ලේඛන ගත කර ඇති බැවින් සයිටම් නම යෙදීම නිසා තම දරුවන්ගේ වෛද්‍ය උපාධිය ලෝකයේ කිසිදු පිළිගැනීමක් නැති වෛද්‍ය උපාධියක් බවට පත්වන නිසා මෙසේ අධිකරණය ඉදිරියට යෑමට තීරණය කළ බව සයිටම් වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
සයිටම් අහෝසි කළ ක්‍රමය හෝ එහි කැබිනට් පත්‍රිකාවට තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බවත් ප්රශ්නය ඇත්තේ උපාධියේ නමට සයිටම් යන වචනය ආදේශ කර තිබීම පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.
සයිටම් සිසුන් බඳවා ගැනීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යලයේ පනත පවා සංශෝධනය කරමින් පවතින අවස්ථාවක මෙසේ උපාධියේ නම නිසා මේ සිසුන්ගේ ජීවිත අයාලේ යන්නට දීම රජයක වගකීම දැයි විමසූ විජේරත්න මහතා ඉක්මණින්ම මෙම වරද නිවැරදි කරන්නට ජනාධිපතිවරයා ඇතුළු රජය පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.
විජේරත්න මහතා මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද පැවැති මාධ්‍ය හමුවක අදහස් දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල ලංකාවේ වෛද්‍ය සභාව ලංකාවේ රෝහල්වල සේවය කිරීමට ඉල්ලන්නේ එංගලන්තයේ වෛද්‍ය සභාව විසින් නිකුත්කළ බලපත්‍රය මිසක් වෙන දෙයක් නොවේ. පළපුරුද්ද සහ උපාධි සහතිකයේ කුමක් තිබුණත් ප්‍රශ්නයක් නොමැත. උදාහරණයක් ලෙස දක්වනවා නම් නෙවිල් ප්‍රනාන්දු කොහොම හරි සයිටම් එකට එංගලන්තේ වෛද්‍ය සභාවෙන් අවසර ගත්තොත් ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න ඔක්කොම හරි...
මුලින්ම අසාදු කළ යුත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. ඊට පසු ඔවුන්ට ඊර්ෂ්‍යාව සඳහා ප්‍රතිකාර කළ යුතුයි.
අනේ උසාවි නම් යන්න එපා අත්දෙක එකතුකරලා නමස්කාර කරනවා. ඕක කළොත් මාෆියාව කුපිතවෙලා වර්ජන කරලා රෝහල්වල ඉන්න අසරණ රෝගීන් කිහිපදෙනෙක් මැරිලා, විශ්ව විද්‍යාලේ ඉන්න බත්කන සමහරක්, පාරට බස්සලා පාරවල් වහලා අපිට රැකියාවට යන්න විදිහක් නැතිවෙනවා.
ඔය සයිටම් එකත් එක්ක තියන වෛරයේ හැටියට සයිටම් ආයතනය බිමටම සමතලා කොට ළමයින්වත් මරා සුප් හදලා බිව්වා නම්, ඔය වෛරීය ප්‍රශ්න නැහැනේ. අනික ඔය පිටරට ගිහින් වෛද්‍ය උපාධි ගන්න එවුන්වත් එහේදීම මරලා, පැකට් කරලා ලංකාවට ගෙනැල්ලා, බාබකිව් දාලා අපේ දොස්තරලට හා පින්වත් ජනතාවට කන්න දී ඔවුගේ රුධිරය බොන්න දුන්නා නම්, ඒක මේ රටේ අනාගත සංවර්ධනයට හා රටේ සෞඛ්‍යට කොතරම් යහපතක්ද?
උණු හින්ද බොන්නත් බෑ.. කිරි හින්ද අහක දාන්නත් බෑ..
මේ දවස්වල ලංකාවේ GMOA ලංකාවේ රෝහල්වල සේවය කිරීමට ඉල්ලන්නේ එංගලන්තයේ වෛද්‍ය සභාව විසින් නිකුත්කළ බලපත්‍රය මිසක් වෙන දෙයක් නොවේ.
SAITM අහෝසි කරන්න ඉස්සෙලා , GMOA ඉන්නේ ලංකාවේ O /L විතරක් සමත් , පිටරට ගොස් වෛද්‍යවරු වෙලා ඇවිත් , වෛද්‍ය සබාව ලියාපදිංචිය දුන්න , දැනට රාජ්‍ය සේවයේ ඉන්න හොර දොස්තරලා ටික අයින්කරන්න ඕනේ.