(විනීතා එම් ගමගේ)
පස්දෙනෙකුට මරු කැඳවූ හොරණ බැල්ලපිටිය රබර් කම්හලේ පරිසර ආරක්ෂණ බලපත්‍රය තහනම් කළ බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.
අනතුරෙන් පසු කම්හල පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් කළ ස්ථානීය පරික්ෂාවකින් පසු දීර්ඝ පරික්ෂණයක් සිදුවන තුරු තාවකාලිකව එහි බලපත්‍රය තහනම් කළ බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
එම කම්හලේ පාලනාධිකාරිය සේවකයින් ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිළිමත් වී නැතැයි පෙනී යන බව ද ජයසිංහ මහතා කීය.
සංවෘත ආකාරයෙන් පවත්වාගෙන යන අපදියර පිරිපහදු පද්ධතිය තුළ වායු ජනනය වී ඇති අතර කරාමය අරිද්දී එම වායු සේවකයින්ට වැදී ඇතැයි පෙනී යන බව කී අධ්යක්ෂ ජනරාල්වරයා අපදියර පිරිපහදු පද්ධතිය නිසි කළමණාකරණයට ලක්ව නැති බව පෙනී යන්නේ යැයි ද කීය.
2008 වසරේ සිටි වරින්වර මෙම කම්හල ගැන පැමිණිලි ලද බවත් එවැනි අවස්ථාවල පරිසර ආරක්ෂණ බලපත්‍රය තාවකාලිකව තහනමට ලක්කරමින් එහි පරික්ෂාවන් සිදුකර නිසි ප්‍රමිතින් අනුගමනය කළ පසු යලිත් බලපත්‍රය නිකුත් කර ඇති බවත් ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ කම්හලට පරිසර බලපත්‍රයකුත් තිබිල තියෙනවා. එ්ක අලුත් කරන්න ගිය නිලධාරීන් ගැන හොයලා බලන්න වටිනවා.
රජයේ පරිසර, වෙරල සංරක්ෂණ, සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෝ ඔය වගේ බලපත්‍ර අලුත් කරන්න ගියහම, අලුතෙන් බලපත්‍ර දෙන්න ගියහම මුලින්ම බලන්නේ කවරයේ තිබෙන මුදල් ප්‍රමාණය කොහොමද කියලා... නැතුව ඒවා හරිනම් ඔය වලවල් වල විෂවායු, තබා වෙඩි බෙහෙත් පුරවලා තිබුණත් ප්‍රශ්නයක් නොමැත. මුදල් කවරයේ අවුලක් තිබෙනවා නම් නිලධාරියාට වතුර වීදුරුවේ සිටින කිඹුල්ලුත් පෙනෙනවා.
මේ කම්හල ගැන මධ්‍යම පරිසර අධිකාරිය වගේම කම්කරු දෙපාර්තුමේන්තුවයි අදාල පළාත් පාලන ආයතනයයි කරුණු පැහැදිලි කල යුතුයි. තමන්ගේ පාර්ශවයන්ගෙන් කම්හල පරික්ෂා කළාද? අවශ්‍ය උපදෙස් නිකුත් කළාද? නිකුත් කල උපදෙස් සම්බන්ධයෙන් පසුවිපරම් කෙරුවද, නැද්ද? නැත්නම් එයට හේතු දැක්විය යුතු අතර කසාය බිව්ව ගොලුවෝ වගේ ඉඳ මේ ප්රශ්නය මග අරින් ඔවුන්ට අයිතියක් හෝ නිදහසක් නැත.
මේක මාර වැඩක්නේ. ඇත්තටම කම්හලක සේවකයන්ගේ ආරක්ෂාව සහ රසායන ද්‍රව්‍ය භාවිතය පිලිබඳ ගැටලුවකදී තාම අපි අඳුරේ අතපත ගානවා කවුද වගකිව යුත්තේ කියලා දන්නේ නැතුව. සේවක ආරක්ෂාව සහ කම්කරු අයිතිවාසිකම් වෙනයි. පරිසර ආරක්ෂාව වෙනයි. රසායන ද්‍රව්‍ය නොමැතිව කම්හල් පවත්වා ගෙන යන්නත්බෑ එහෙනම් එහිදී කල යුතු වන්නේ රසායන ද්‍රව්‍ය පරිහරණය සහ සේවක ආරක්ෂාව උදෙසා වෙනත් රටවල් දෙස බලා හෝ WHMIS වැනි නිසි ආරක්ෂක ක්‍රම වේදයන් හදුන්වා දීම මගින් සේවක ආරක්ෂාවත්, ව්‍යාපාර ක්ෂේත්‍රයත් යන දෙකම ආරක්ෂා කිරීම මිසක් තහනම් කිරීම නොවේ.
නීතියට පටහැනිව අහිතකර ලෙස පවත්වාගෙන යන මෙවන් කර්මාන්තශාලා රටේ තවත් නැතැයි කියාද හිතන්නේ ?