(ඉන්දිකා රාමනායක)
පොලිස් වෙඩි පහරින් කතරගම තරුණයකු මියායාමට විරෝධය දක්වමින් ප්‍රදේශයේ කලහාකාරී ලෙස හැසිරී පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (23) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට බාර වූ කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තිදෙනෙකු ලබන මැයි 02 දක්වා රිමාන්ඩ් කරන ලෙස තිස්සමහාරාම වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණී ආනන්ද මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට නියම වූයේ කතරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී චානක අමල් රංගන, වන්නිආරච්චිගේ ප්‍රභාත් බුද්ධික, පොහොට්ටු කංකානම්ගේ ප‍්‍රභාත් සංජය යන තිදෙනාය.
මොවුන්ට තිදෙනාට වරෙන්තු නිකුත් කර තිබියදී අද මොවුන් නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට බාර වී තිබුණි.
ඉකුත් ජනාවාරි 01 දින සිදු වූ එම සිද්ධියෙන් එක්දරු පියෙක් මියගොස් තිබූ අතර මීට පෙර අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනෙක් තවමත් රිමාන්ඩ් බාරයේ පසුවෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමේ හැටියට වැඩත් තිබෙනවා නම "පොහොට්ටු කන්කානම් නේ" ඉදිරියේදී ඇමැති පට්ටමක් ගන්න අවශ්‍ය මූලික සුදුසුකම් සම්පුර්ණ කරලා තිබෙනවා. හෙට, අනිද්දාම මම ඔබතුමා හම්බවෙන්න එනවා. ඔබතුමාට සුභ අනාගතයක් තිබෙන බව පෙනෙනවා.
ප්‍රාදේශීය සභාවලට පත් වූ සභාපතිලයි, මන්ත්‍රීලයි ගොඩාක්ම මේ ටිකකට හිරේ ගියාද..? මහ ලොකුවට හොඳම අය කියලා ඡන්දේ දීලා පත්කරලා අනුන්ට පාඩම් කියා දෙන්න කියලා පත්කරලා තියෙන්නේ.. ගමේම චණ්ඩි ටික වගේ...
මම හිතන්නේ පොහොට්ටුවේ විනයගරුක ශිලාචාර උගත් බුද්ධිමත් අවංක එඩිතර මහජන සේවකයෙක් වෙන්න ඕනා මේ පොලිසිය බොරු චෝදනා දාලා රිමාන්ඩ් කලේ.