(කටුනායක ටී.කේ.ජී.කපිල )
එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස , එම සංචාරය නිමා කර අද උදෑසන දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර් -664 (Q.R.- 664) දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් අපිට කියන්න පටන් ගනියි, මෙයා නිසා අරක කරන්න බැහැ අරයා නිසා මේක කරාන බැහැ කියලා
ඊළඟට කොහාටද සැපත් වෙන්නේ.?
ආවත් නාවා වගේ තමයි.
ඔබ රට නැති සොවින් , මුහුද පවා ගොඩගැලුවා...
ආපසු නාවා නම් කොච්චර හොඳද?
අන්න රනිල් පහුගිය සතියේ මල්වතු අස්ගිරි හිමිවරුන් බැහැදැකල කිව්වා එතුමා රට දියුණු කරන්න විශාල වැඩ පිළිවෙලක් සකස් කරලා තිබෙන්නේ තිබෙන එකම අඩුපාඩුව ඔබතුමා රටේ නැති එක, ඔබතුමා ආව ගමන් එ්ක පටන්ගන්න පුළුවන් කියලා. වහාම රනිල් හම්බ වෙන්න.. නැත්නම් එතුමා ඊළඟ ගුවන් යානයේ නැගලා රට ගියොත් මේක කරන්න වෙන්නේ නැහැ.
ඊළඟට අගමැති කොහේ හරි යාවි.
දැන් ඉතින රැප් කරලා ගහපු පරණ සින්දුවම අහන්න පුළුවන් , "ඉස්සර රජතුමාගේ කාලේ රට ගියේ ශ්‍රීලංකා ගුවන්යානයෙන් රොත්තම එක්ක" "දැන්කලේ රට යන්නේ මම තනියම කටාර් එකේ " " එංගලන්තේ රැජිණිය මට රජගෙදරට එන්න කියල කෑමත් දීල එවුවේ " " ලංකාවේ ආයෝජනය කරන්න පොරකන එංගලන්ත ආයෝජකයන්ගෙන් බේරිලා මම අමාරුවෙන් ලංකාවට පැනගත්තේ " " නමුත් කැබිනට් එකේ අරය හින්ද මේක කරන්න බැහැ , මෙය හින්ද එක කරන්න බැහැ , නිලධාරීන්ට වැඩ කරන්න බැහැ , නිලධාරියෝ හසුරවන්න මට තේරෙන්නේ නැහැ , බැහැ , බැහැ බැහැ
ආවත් මම නිශ්ශබ්දව ලක්බිමට... බුරුවො ටිකක් හූ කිව්වා හඳ දෙසට... උන් හිතුවෙත් මම කන්දක් වගේ කියා.. එය කන වැටුණු පඹයා බක බක ගෑවා..
ද සිල්වා බර්ලින් මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ කාලෝචිත අදහස් සමග අපද එකග වන්නෙමු. හාදයා දවස පටන්ගන්නේ "අරක නිසා මේක බෑ" , "මේක නිසා අරක බෑ" .
ජනාධිපතිතුමනි මම නොදන්නා නිසා අහන්නේ? එංගලන්තේ මන්ත්‍රීලටත් තීරුබදු සහිත වාහන, ඒවාට ඉන්ධන, රියදුරන් එහෙම දෙනවද? එංගලන්තෙට මේ දවස්වල ත්‍රස්තවාදී කරදර තිබෙන නිසා ඇමැතිලාගේ ආරක්ෂාවට ඩිෆෙන්ඩර් කීයක් විතර දෙනවද? බ්‍රිතානයේ ඇමතිලා කීයක් විතර ඉන්නවද?
දැන් ඉතින් එන අවුරුද්දේ සිංහල අවුරුදු වලට ඉස්සෙල්ලා නව කැබිනෙට් එක පත් කරන්න පුළුවන්. පක්ෂය දියුණු කරගන්න කාලය ඇති ඊට ඉස්සෙල්ලා. රට වැසියා ඔහේ මොනා හරි හොයාගෙන කයි.
එන්න ඔබට රටක් තිබුණද?
ජාත්‍යන්තරය ජයගෙන අපේ පුංචි රට ඉහලටම ඔසවා තබා විදෙස් ආයෝජන රැගෙන මෙරටට පැමිණෙන ඔබතුමාට දීර්ඝායු වේවා.!!! රට දියුණුවට සතුරා නසා රට දිනවන්න දිරිය ශක්තිය ලැබේවා !!!
අනේ අපි දහදුක් විඳලා අපේ අනාගතේ වෙනුවෙන් ඉතිරි කරගන්න බැංකු ගිණුමේ පොලියටත් බදු ගහලා ඔයාලා නිතරම රට සවාරි ගහලා ඇවිත් ඊළඟට සැප වාහන දීමනා වරප්‍රසාද කකා බිබී පච ටිකක් දොඩවල ජොලි කරලා ඉඳපල්ලා.
"මෛත්‍රී ගෝ බැක් හෝම්" කියලා කොටි හිතවාදීන් එංගලන්තේ කොටි කොඩි බැනර් අරගෙන උද්ඝෝෂණය කරන පින්තුර දැක්කහම මට හිතුණා අපේ ජනාධිපතිතුමා සමුළුව ඉවරවෙලා කොහොමත් ගෙදර එන්නේ නැතුව ඒ අය වගේ එහේ බින්න බහින්න ගියේ නැහැනේ කියලා...
අපි මොන විවේචන කළත් මේ අපේ ජනාධිපතිතුමා, එතුමා පත්වුණාට පස්සේ කොටින්ට හෝ කොටි හිතවාදීන්ට කිසිම හිරිහැරයක් වෙන විදිහට කටයුතු කළේ නැහැ. සංහිඳියාවට බාධාවක් කියලා යුද ජයග්‍රහණ සමරන එකත් නතර කළා. විග්නේශ්වරම් ඇතුළු කොටි හිතවාදී දේශපාලකයින් උතුරේ මොන පිස්සු නැටුවත් ඔවුන්ට කිසිම හිරිහැරයක් මෙතුමා කලේ නැහැ. මෙතුමා ජාතික ආණ්ඩුව හදලා විපක්ෂ නායක කමත් දෙමළ සංධානයට දුන්නා. තත්වය එසේ තිබියදී නීතිවිරෝධී කොටි කොඩි ගෙන කොටි හිතවාදීන්ට එතුමාට විරුද්ධව බොරු චෝදනා නගමින් උද්ඝෝෂණය කරන්නට ඉඩ දීම, එංගලන්ත ආණ්ඩුවේ දෙපිට කාට්ටු වැඩක් ලෙස මම දකිමි. අපි වුනත් ගෙදරට අමුත්තෙකුට ආරාධනා කරලා, තමන් නොකළ දෙයකට බොරු චෝදනා කරමින් ඔහුට හූ කියමින් අපහාස කරන්න පිට කෙනෙකුට අවස්ථාව දෙන්නේ නැහැ.
කවුදෝ වෘත්තීය සුදුසුකම් නැති, නිළියක් කියන කාන්තාවක්, නිලධාරිනියක් ලෙස සංචාරයකට එක් වුණා යයි ආරංචියි. මේ පිළිබඳව පැහැදිලි කරන එක හොඳයි නේද?
මම සංචාරයට එක් වුණේ රටට ආයෝජනය ගේන්න. කවුරු මොනවා කිව්වත් මගේ අත්දැකීම් එක්ක විශාල ආයෝජන ප්‍රමාණයක් මම ගේනවා.
තව මාස 18කින් එංගලන්තයට යනවා පදිංචියට... එයාට ගෙයක් එහෙම බැලුවද?
ගරු ජනාධිපතිතුමා 2015.02.15 සිට 2018.04.22 දක්වා කාලය තුළදී විදේශ රාජ්‍ය තාන්ත්‍රික චාරිකා සඳහා චීනය- පාකිස්ථානය - මාලදිවයින - ජපානය - මෝල්ටාව - ප්‍රංශය - වතිකානුව - ජර්මනිය - ඔස්ට්‍රියාව - සිංගප්පුරුව - මැලේසියාව - ඉන්දුනීසියාව - රුසියාව - ඔස්ට්‍රේලියාව - බංග්ලාදේශය - කටාර් - ද.කොරියාව = රටවල් 17 කට එක වරක්ද, තායිලන්තය - ඇමරිකාව - එංගලන්තය = රටවල් 03 ට තුන් වරක් ද ඉන්දියාවට - හතර වරක්ද සංචාරය කර ඇති බව සඳහන්... මෙම සංචාර වලදී අත්සන් කරන්නට යෙදුන ගිවිසුම් සහ අවබෝධතා වල ප්‍රගතිය පිළිබඳව පසු පෝෂණයක් කෙරෙමින් පවතින්නේද? නොඑසේ නම් ඒවා අදාළ දෙපාර්තමේන්තුවල, අමාත්‍යාංශවල, රාක්කවල, ලොකර්වල, කබඩ් වල කාවුන් විසින් විනාශ වීමට යානොදී ආරක්ෂා කරන්නේද? මේ රටේ අහිංසක මිනිසුන් බදු ගෙවීමෙන් මේවාට අත්වාරු සපයන නිසා මේවා ගැන අවබෝධයක් ලබා ගැනීමට කැමැත්තෙන් සිටිනවා සිකුරුයි.
ආපසු ආවද? එහෙන් එව්වද?