සුමතිපාල දීයගහගේ සහ ජේ කේ එල් චාමින්ද
හිනිදුම ඇලඉහළ හබරකඩදී අද (23) තිස් දෙහැවිරිදි මවක මාස දහයක් වයසැති ඇගේ දරුවා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
මවගේ සිරුර ද නිවසේ කාමරයක එල්ලූ සාරියක ගැට ගසා තිබූ බව පොලිසිය පවසයි.
මෙම කාන්තාවගේ සැමියා අද උදේ වැඩට ගොස් ඇති අතර අනිත් දරුවන් දෙදෙනාද පාසැල් ගොස් සිට ඇත. පාසල් නිම වී නිවසට පැමිණි දරු දෙදෙනා මෙම සිද්ධිය දැක අසන්වාසීන්ට දැනුම් දී ඇතැයි පොලිසිය පවසයි.
දරුවා ඝාතනය කර ඇය දිවි හානි කර ගැනීමට තැත් කළාදැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ ගැනියෙක් අහිංසක ළමයාගේ ජිවිතෙත් නැති කලා
ලක්මි, සමහර කාන්තාවන්ට, දරු ප්රසූතියකින් පසුව ඇතිවෙන මානසික අවපීඩනය, ආතතිය (Depression) වැනි තත්වයන් නිසාත් මෙවැනි දේවල් සිදුවිය හැකියි. පවුලේ උදවියට මේ පිළිබඳව යම් දැනුමක් තිබුණේ නම්, ප්රතිකාර ලබාදීමෙන් මෙවැනි කණගාටුදායක සිදුවීම් වළක්වා ගැනීමට බොහෝ දුරට ඉඩ තිබුණා...