(සඳලංකාව - හේමලතා ඩී හේවගේ)
මෙවර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට්හිදී පැවති 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙදී කාන්තා බොක්සිං ක්‍රීඩා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් බොක්සිං ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු පිළිගැනීමේ සහ උපහාර පිදිමේ උත්සවයක් ඇයගේ උපන්ගමවන පන්නල - බටපොතැල්ල ප්‍රදේශයේදී පැවැත්විණි.
වනමන්දාව රජමහා විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය නැඳගොමුවේ සිරිධම්ම නායක හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රදේශවාසීන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ අනුෂා කොඩිතවක්කු ක්‍රීඩිකාවගේ මව ඩබ් ඵම් හේමලතා මහත්මිය සහ ඇගේ පවුලේ සාමාජික සමාජිකාවන් ඇතුඵ විශාල පිරිසක් සහභාගිවී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා අපේ කෙල්ලට!!! යකෝ දාපල්ලකෝ හොඳ කමෙන්ට් එකක්. දේශපාලන කාලකන්නින්ට නම් ඕනෙ තරම් කමෙන්ට්ස්. වසල ජාතියක්....
පුතේ ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් !!! ඉදිරියටත් තව තවත් ජය ලබාගෙන අපගේ මාතෘභූමියට කීර්තිය ගෙනදීමට හැකි වේවා!!!
අනුෂා මහත්මියට සියලු ජය ප්‍රාර්ථනා කරන අතර, කලින් අදහස් දක්වලා තිබුණු ක්‍රිස් මහත්මයාණෙනි, දේශපාලකයන්ට දමන කොමෙන්ට් වලින් 80% ඔවුන් කරන වසල වැඩ වලට විරෝධය පලකරමින් පාඨකයන් දමන ඒවා බව සිහි තබාගන්න... අපේ ජාතිය වසල ජාතියක් ලෙස හදුන්වාදී දුන් ඔබගේ දැනුම ගැන කණගාටු වන වන අතර, ඉදිරියේදී ඔබට නුවණ පහළ වේවායි ප්‍රාර්ථනා කරනවා.
මහා පරිමාන මුල්‍ය වංචා කරන , ප්‍රසිද්ධියේ පිස්තෝල පෙන්වන, දේශපාලක සැමියාගේ අයුතු ඉපයීම් වලින් නිකම්ම මැඩම් ලා බවට පත් වෙන බවලතුන් වෙසෙන රටේ ඔබ මැණිකකි. ඉදිරියේදී රන් පදක්කම් ලැබේවා.!
පසුගිය බොක්ෂින් තරඟාවලියේ රිදී පදක්කම් දිනපු ක්‍රීඩිකාවගේ පින්තුර නැතුව ලෝකඩ පදක්කම් දිනුව ක්‍රීඩකයාගේ පින්තුර පමණක් මෙහි පලවෙලා තිබෙන්නේ ප්‍රමාද දෝෂයකින්ද ?
අපරාදේ අර කොළඹ පාතාල වැඩකරයකුගේ බසයක රියදුරාට කොළඹදී වැටෙන්න ගහපු දකුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී චණ්ඩි මල්ලිගේ ලේලි මේ තරගෙට යැවුවා නම් රන් පදක්කමකුත් අරගෙන එනවනේ... කොහද එතුමිය තවම රිමාන්ඩ් එකේනේ.... ලංකාවේ සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැහැනේ...