IMG-LOGO

බොක්සිං ක්‍රිඩිකා අනුෂාට උපන් ගමෙන් උපහාර...

                                                                    
(සඳලංකාව - හේමලතා ඩී හේවගේ)     
                                         
මෙවර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට්හිදී පැවති 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙදී කාන්තා බොක්සිං ක්‍රීඩා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන්  බොක්සිං ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු පිළිගැනීමේ සහ උපහාර පිදිමේ උත්සවයක් ඇයගේ උපන්ගමවන පන්නල - බටපොතැල්ල ප්‍රදේශයේදී පැවැත්විණි.

වනමන්දාව රජමහා විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය නැඳගොමුවේ සිරිධම්ම නායක හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රදේශවාසීන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ අනුෂා කොඩිතවක්කු ක්‍රීඩිකාවගේ මව ඩබ් ඵම් හේමලතා මහත්මිය සහ ඇගේ පවුලේ සාමාජික සමාජිකාවන් ඇතුඵ විශාල පිරිසක් සහභාගිවී සිටියහ.



අදහස් (11)

බොක්සිං ක්‍රිඩිකා අනුෂාට උපන් ගමෙන් උපහාර...

chris Saturday, 21 April 2018 09:01 AM

ජයවේවා අපේ කෙල්ලට!!! යකෝ දාපල්ලකෝ හොඳ කමෙන්ට් එකක්. දේශපාලන කාලකන්නින්ට නම් ඕනෙ තරම් කමෙන්ට්ස්. වසල ජාතියක්....

:       153       539

RaveendraSaturday, 21 April 2018 10:06 AM

ක්‍රිස් මයා වෙත, ඔබගේ අදහසක් වන "වසල ජාතියක්" යන්න පැවසීම පිළිබඳව ඉතාමත්ම කණගාටුවන අතර අප කිසිවිටක වාසල ජාතියක් නොවන්නෝය. සමහරවිට ඔබ වෙනත් සම්භවයක් සමග මිශ්‍රවූ එවන් ජතිකයෙන් වන්නට පුළුවන... (මෙම අදහසින් ඔබට යම් සිත් තැවුලක් වුනානම් කණගාටු වන්නෙමු). තවද රටට වැඩදායි දේවල් කරන දේශපාලකයා කවුද? ඔවුන්ව අගේ කරන අතර රට විනාශ කරන "දේශපාලකයන්ගේ "ආදරණිය මෑණියන්වූද සිහිකිරීමට අප නම් පසුබට නොවන්නෙමු.

:       484       215

chrisSaturday, 21 April 2018 02:02 PM

ඔබතුමාගේ තේරුම් ගැනීමේ ශක්තිය පිළිබඳව මට අපැහැදිලිකමක් තියනවා වගේම ජාතිවාදී මානසිකත්වයෙන් පෙළෙන බවකුත් පෙනෙනවා. මම අදහස් කලේ ශ්‍රී ලංකා වැසියන් වසලයන් කියා නොවෙයි. කිසිම පලක් නැති ප්‍රවෘත්තිවලට කොපමණ ගොඩක් අදහස් දානවද? මේ වගේ වැදගත් දේකට කීදෙනාද අදහස් දාලා තියෙන්නේ, ඉතිරි ටික තමා වසල ගනේට වැටෙන්නේ. බෞද්ධ දර්ශනයේ කියලා තියෙන්නේ එහෙම අය වසලයෝ කියලා. ඔබතුමා ටිකක් පැහැදිලි කරනවද වෙනත් සම්භවයක් එක්ක මිශ්‍ර වුනාම වසලයෝ වෙන්නේ කොහොමද කියලා? එවැනි අදහස් තියන අය නම් පැහැදිලිවම වසලයින් තමයි.

:       4       9

RaveendraSunday, 22 April 2018 10:47 AM

ක්‍රිස් මයා වෙත, පළමුව ඔබට අපගේ අදහස්වලින් යම්කිසි සිත්තැවුලක් ඇති වුණා නම් ඒ පිළිබඳව අප කණගාටු වන්නෙමු. අප කිසිවිටක ජාතිවාදීන් නොවන්නෙමු. නමුත් අප කිසිවිට අපගේ මවුබිම පාවාදෙන්නන් හට ඒවා නිවැරදි කියන්නේද නැත. මෙය ඔබේත්, මගේත්, අපගේත් මව්බිම යන්න අපගේ හැගීමයි. අප කුඩාකල අපගේ ගුරුතුමිය කියාදුන්නේ පුතේ, දුවේ, තමන් උපන් මව්බිම තමන් මෙලොවට බිහිකළ ආදරණීය අම්මා රැකගන්න සේ ආරක්ෂා කරන්න යන්න. සාමාන්‍යයෙන් වෙනත් රටක සම්භවයක් තිබෙන කෙනෙකු අනිත් රටකට හදවතින්ම ආදරය නොකරන බව සත්‍යකි. මෙම ජයග්‍රහණය අපගේ මව්බිමට මේ දරුවා ගෙනා කීර්තියකි. අපනම් එයා ඉතාමත්ම ඉහළින් අගය කරන්නේය. අවසාන වශයෙන් කාරුණිකව මෙය ඔබගෙන් ඉල්ලීමට කැමැත්තෙමු. "ඔබතුමා" යන වැදගත් සහ අර්ථවත් වචනයෙන් "අපව "ආමන්ත්‍රණය කිරීමෙන් "වලකින" ලෙසයි. මක්නිසාදයත් අප එම ආමන්ත්‍රණයට නුසුදුසු පුද්ගලයන් බැවිනි. එලෙසම දියවන්නා ඔයේ "අම්බරුවන්" 225 දෙනාටත් එම වැදගත් වචනය භාවිතා කිරීමෙන් වළකින ලෙසද ඉල්ලන්නෙමු.

:       1       17

chrisSunday, 22 April 2018 09:51 PM

රවින්ද්‍ර මහතාණෙනි ඔබගේ අදහසට ස්තුතියි. මම වෙනත් සම්භවයක් මිශ්‍ර කියල කියමුකෝ .නුමුත් මම ඉතාම නිහතමානිව ඒ ක්‍රීඩිකාවට මගේ සුබපැතුම් ප්‍රකාශ කලා.

:       0       10

Raveendra Saturday, 21 April 2018 09:31 AM

පුතේ ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් !!! ඉදිරියටත් තව තවත් ජය ලබාගෙන අපගේ මාතෘභූමියට කීර්තිය ගෙනදීමට හැකි වේවා!!!

:       0       123

de silva berlin Saturday, 21 April 2018 09:41 AM

අනුෂා මහත්මියට සියලු ජය ප්‍රාර්ථනා කරන අතර, කලින් අදහස් දක්වලා තිබුණු ක්‍රිස් මහත්මයාණෙනි, දේශපාලකයන්ට දමන කොමෙන්ට් වලින් 80% ඔවුන් කරන වසල වැඩ වලට විරෝධය පලකරමින් පාඨකයන් දමන ඒවා බව සිහි තබාගන්න... අපේ ජාතිය වසල ජාතියක් ලෙස හදුන්වාදී දුන් ඔබගේ දැනුම ගැන කණගාටු වන වන අතර, ඉදිරියේදී ඔබට නුවණ පහළ වේවායි ප්‍රාර්ථනා කරනවා.

:       2       121

chrisSaturday, 21 April 2018 06:36 PM

මට නම් ඕනෑවටත් වැඩිය නුවණ තියෙනවා, නමුත් ඔබ වැනි ගෝත්‍රිකයින්ට නුවණ පහළවන්නේ කොහොමද...

:       156       129

Sarasi Sunday, 22 April 2018 08:46 PM

මහා පරිමාන මුල්‍ය වංචා කරන , ප්‍රසිද්ධියේ පිස්තෝල පෙන්වන, දේශපාලක සැමියාගේ අයුතු ඉපයීම් වලින් නිකම්ම මැඩම් ලා බවට පත් වෙන බවලතුන් වෙසෙන රටේ ඔබ මැණිකකි. ඉදිරියේදී රන් පදක්කම් ලැබේවා.!

:       0       0

kristu Monday, 23 April 2018 06:49 AM

පසුගිය බොක්ෂින් තරඟාවලියේ රිදී පදක්කම් දිනපු ක්‍රීඩිකාවගේ පින්තුර නැතුව ලෝකඩ පදක්කම් දිනුව ක්‍රීඩකයාගේ පින්තුර පමණක් මෙහි පලවෙලා තිබෙන්නේ ප්‍රමාද දෝෂයකින්ද ?

:       0       0

de silva berlin Monday, 23 April 2018 10:17 AM

අපරාදේ අර කොළඹ පාතාල වැඩකරයකුගේ බසයක රියදුරාට කොළඹදී වැටෙන්න ගහපු දකුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී චණ්ඩි මල්ලිගේ ලේලි මේ තරගෙට යැවුවා නම් රන් පදක්කමකුත් අරගෙන එනවනේ... කොහද එතුමිය තවම රිමාන්ඩ් එකේනේ.... ලංකාවේ සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැහැනේ...

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 330 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 500 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site