සිතුම් චතුරංග
පුහුණුව අතරතුරදී ඇතිවූ විජලන තත්ත්වයක් හේතුවෙන් වවුනියාව පම්පමඩුව 611 යුද හමුදා පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි සෙබළුන් 19 දෙනෙක් අද (22) දවල් වවුනියාව රෝහල වෙත ඇතුළත් කරනු ලැබූහ.
බළසේනා මූලස්ථානයේ පුහුණු පාසලේ සෙබලුන් 50 අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති දෛණික පුහුණු කටයුතු අතරතුරදී සෙබලුන් ක්ලාන්ත වී විවිධ ආසාත්මිකතා හටගෙන ඇති බව වන්නි යුද හමුදා ආරංචිමාර්ග සඳහන් කරයි.
එලෙස ක්ලාන්තවී ඇති සෙබළුන් කිහිප දෙනෙක් මූලස්ථානයේ ගිලන් රථ ඔස්සේ වවුනියාව මහ රෝහල වෙත රැගෙන එනු ලැබූහ. මෙලෙස රෝගීවී ඇත්තේ යුදහමුදාවේ 25 වැනි පාබල සේනාංකය යටතේ පුහුණුව ලැබූ සෙබළුන් පිරිසකි.
වවුනියාව රෝහල් ප‍්‍රකාශකයකු සඳහන්කර සිටියේ සෙබලූන් 19 දෙනා හට විජලන තත්ත්වයක් හටගෙන ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි. ප‍්‍රදේශයේ පවතින උණුසුම් කාලගුණික තත්වය මෙම රෝගී තත්වයට හේතුවිය හැකි බවට සැක කරන බවත් ඔහු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීඕට අන්ද කයිප්පුව හැදිලා ඩ්රිල් එක ඉවර වෙනකන් වතුර බොන්න එපා කියන්න ඇති.