’මධ්‍යම අධිවේගයේ පාරිසරික ගැටළු ඔප්පු කරන්න හැකිනම් සැලසුම් වෙනස් කරනවා’
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරිමේ දී එල්ල වී තිබෙන පාරිසරික ගැටළු පිළිබඳ චෝදනා යම්කිසි විශේෂඥයකුට ඔප්පුකර පෙන්වීමට හැකිනම් මෙම අධිවේගී මාර්ගයේ සැලසුම් වෙනස් කිරිමට සුදානම් බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නලීන් සුරිය ආරච්චි මහතා අද (25) පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ප්‍රකාශ කළේය.