(විනීතා එම් ගමගේ)
කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් නේවාසිකව සිටින භාරකරුවන් විසින් ආපසු කැඳවාගෙන ගොස් නැති වැඩිහිටියන් පිළිබඳව යම් පියවරක් ගැනීම සඳහා වාර්තාවක් ලබා ගැනීමට නිලධාරින් කණ්ඩායමක් එහි යැවීමට ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය කටයුතු කර ඇත.
එහි වැඩිහිටියන් 25 දෙනෙකු මෙසේ යළි නිවෙස් වෙත කැඳවාගෙන ගොස් නැතැයි වාර්තා වන බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ සුවින්ද සිංගප්පුලි මහතා අද පැවැසීය.
මෙසේ අතහැර ඇති වැඩිහිටියන් පිළිබඳ වාර්තා වුවහොත් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය ඒ පිළිබඳ සොයා බලා භාරකරුවන්ට භාර දීමට හෝ වැඩිහිටි නිවාස ගත කිරීමට කටයුතු කරන බවත් කරාපිටිය රෝහලේ සිද්ධීය පිළිබඳව තම කාර්යාලය වෙත මුල් වරට වාර්තා වුයේ මාධ්‍ය මඟින් බවත් හෙතෙම සඳහන් කළේය.
සමහර වැඩිහිටියන් ප්‍රතිකාර පතා රෝහල් වෙත කැඳවාගෙන එන අය ව්‍යාජ ලිපිනයන් දී රෝගියා නවතා යන බවත් ඔවුන් ව්‍යාජ ලිපිනයන් ලබා දී තිබිම නිසා සුව වූ පසු යළි භාර දීමට නොහැකි වන බව ද අධ්යක්ෂවරයා පැවැසීය.
එවැනි වැඩිහිටියන් නේවාසික ප්‍රතිකාර සඳහා භාර දෙන අවස්ථාවන්හිදී භාරකරුගේ ජාතික හැනුම්පතෙහි ඡායාපිටපතක් ද ලබා ගන්නැයි සෞඛ්‍ය අංශවෙත උපදෙස් දී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මේ වනවිට තවත් රෝහල්වල මෙවැනි වැඩිහිටියන් ඇතැයි විශ්වාස කරන බව කී සිංගප්පුලි මහතා එවැනි අවස්ථා වාර්තා වුවහොත් ඒ පිළිබඳව තම කාර්යාලය වහා සොයා බලන බව ද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සඳහා සැබැවින්ම ඇති විසඳුම කුමක්ද? අපගේ රෝහල් වලද මේ ප්රශ්නය මතු වේ. වගකිවයුතු ආයතන මේ සඳහා විසඳුමක් සෑම රෝහලකටම ලබා දෙන්න. භාරකරුවෙකු සිටියත් නැතත් තනි වූ වයසක මිනිසුන්ට රෝහලක නතර වී ප්‍රතිකාර ගැනීමට අයිතියක් ඇත. නමුත් මුදා හරින විට යන්න තැනක් නැතිනම් රෝහල් කාර්යමන්ඩලය අසරණ වේ. මේ සඳහා රජයේ වගකීම කුමක්ද?
ඔන්න වැඩිහිටියන්ට දරු මුණුපුරන් දක්වන සැලකිල්ල! අපුරුයි නේද නේද? ඒත් අපි සිංහයා ලකුණ දරන බෞද්ධයෝ වෙමු!
වෙහෙර විහාර හදන්න වැයකරන මුදල් , මහලු නිවාස හදන්න වැය කෙරුවනම් හොඳයි කියල අපි රජයෙන් ඉල්ලා සිටිනවා ,
සැම වසරකම ජන්දහිමි නාමලේඛණ සකස්කරනවානේ එම අවස්ථාවල මේ වැඩිහිටියන්ගේ නම් ඉවත්කරනවාද. වයස්ගත අයගේ නම් ඉවත්කරන්න වෙන්නෙ බොහෝවිට මියයාම නිසානේ කෙනෙකු මිය ගියානම් ඒ බව වසමේ ග්රාමනිලධාරි දැනගන්න ඕන නේද මම හිතනවා එවැනි සොයාබැලීම් තිබේනම් මෙවැනි දේ නොවේවි කියලා.